Colombo Today Local News

බුද්ධි අංශ හෙළිදරව් කරද්දීත් ලංකාවේ ISIS ත්‍රස්තයන් නැතැයි කියන NGOවේ පැටිකිරිය මෙන්න

isis 2669

ශ‍්‍රී ලංකාව තුළ ඉස්‌ලාමීය ජිහාද් කණ්‌ඩායම් හා ISIS ත‍්‍රස්තයන් නැති බව කොළඹ කින්සි පාරේ වාර්ගික අධ්‍යයන ආයතනය නමැති රාජ්‍ය නොවන සංවිධානය ප‍්‍රකාශ කර ඇත. විදේශ අරමුදල් ලබන මේ රාජ්‍ය නොවන සංවිධානය මෙරට බුද්ධි සේවාවට සම්බන්ධ හෝ බුද්ධි කටයුතු ගැන දන්නා සංවිධානයක්‌ නොවේ. මෙහි ශාඛාවක් 554/6 පේරාදෙණිය පාර මුල්ගම්පොළ ස්ථානයේත් පවත්වාගෙන යයි.

Radhika--150x150
යහපාලන රජය විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නියෝජිතවරියක ලෙස පත් කිරීමට සූදානම් වූ රාධිකා කුමාරස්වාමි ‍ මෙම රාජ්‍ය නොවන සංවිධානයේද අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කරයි

මේ වසරේදී මෙම සංවිධානයේ ශාලාව තුළ නෝර්වේ රජයට සුදුහුණු ගෑමේ මෙහෙයුමක්‌ දියත් විය. ඒ එරික්‌ සෝල්හයිම් වෙනුවෙන් ග‍්‍රන්ථයක්‌ ලියූ මාක්‌ සෝල්ටර් නමැත්තා නෝර්වේ ශ‍්‍රී ලංකා සාම ක‍්‍රියාදාමය බිඳ වැටීමට නෝර්වේ රජය වගකිවයුතු නැති බව පැවසීමයි. මේ පසුබිම මැද වාර්ගික අධ්‍යයන ආයතනයේ අතීතය කුමක්‌ද? වන්නි මෙහෙයුම දියත් වන සමයේ මේ ආයතනයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ ප‍්‍රංශ පුරවැසි භාවය ලත් රාමා මානි නමැත්තියයි. ඇය වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ ආර් 2 සී නමැති සංකල්පය මත මෙරටට එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ ගෙන්වීමට උත්සාහ කළාය. මෙය වාර්තා වූ විගස ආරක්‌ෂක අමාත්‍යාංශය ඇගේ වීසා බලපත‍්‍රය අවලංගු කර මෙරටින් පිටුවහල් කිරීමට නියෝග කළේය.

මෙය සැලවූ වහාම හිටපු ලේකම්වරයෙක්‌ ආගමන විගමන පාලක අමතා රාමා මානිගේ වීසා බලපත‍්‍රය අවලංගු කිරීම නතර කිරීමට උත්සාහ කළේය.

එවන් තත්ත්වයක්‌ මත මෙරට ජිහාද් කණ්‌ඩායම් නැතිබව අධ්‍යයන වාර්තාවකින් හෙළිවී ඇතැයි කියන වාර්ගික අධ්‍යයන කටයුතු පිළිබඳ ආයතනය ගලේවෙල කරාටේ මාස්‌ටර් ඇතුළු 45 ක්‌ තුර්කිය හරහා සිරියාවට යන තුරු දැන සිටියේ නැත. එසේම ඉන්දියාවේ පූනේ නගරයේදී අසුවූ සිසුවියක්‌ පැවසුවේ තමාව මෙහෙයවන්නා සිටින්නේ ශ‍්‍රී ලංකාවේ බවයි.එහෙත් මෙතෙක්‌ ඔහු අසුවී නැත. ඉන්දීය බලධාරීන් තමිල්නාඩුවේ, ඊශ‍්‍රායල් හා ඇමරිකානු කොන්සල් කාර්යාල දෙකකට මාලදිවයින අන්තවාදීන් ලවා ත‍්‍රස්‌ත ප‍්‍රහාරයක්‌ එල්ල කිරීමට සැලසුම් කළ ශ‍්‍රී ලාංකික අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඉන් එක්‌ අයෙක්‌ මහනුවර පදිංචිකරුවෙකි. මෙම තොරතුරු හෙළිවෙද්දී අයිසිස්‌ ක‍්‍රියාකාරකම් මෙරට රහසිගතව ක‍්‍රියාත්මක නොවන බව කිවහැකිද?

abu sailani
සිරියාවේදී මැරුම් කෑ ප්‍රථම ලාංකික අයි එස් අයි එස් ත්‍රස්තවාදියා – මූස්ලි ලීලාම්දීන් නොහොත් අබු සයිලානි

රුසියානු බලධාරීන් මෑතකදී පැවසුවේ රටවල් කීපයක්‌ අයිසිස්‌ ත‍්‍රස්‌තයන්ට අරමුදල් සපයන බවයි.

එම ප‍්‍රකාශය කිරීමෙන් පසු ඉන්දියාව හා මාලදිවයින තුළද අයිසිස්‌ ක‍්‍රියාකාරීන් සිටින බව අනාවරණය විය.

මෙයට වසර ගණනකට පෙර යාපනයේ හිටපු පොලිස්‌ බලධාරියකු වූ සුන්දරලිංගම් කොටි ත‍්‍රස්‌තවාදය ගැන එවකට සිටි පොලිස්‌පතිට අනතුරු අ`ගවමින් වාර්තාවක්‌ එවනු ලැබීය.

එහෙත් එවැන්නක්‌ නැති බව කියමින් පොලිස්‌පතිවරයා එකී වාර්තාව ඉවත දැමීය.

මේ අන්දමට කොටි ස්‌ටින්ජර් මිසයිල ලබාගෙන ඇති බවට ඉන්ටර්පෝල් පොලිසිය හෙළිකළ විට මෙරට ගුවන් හමුදාපතිවරයෙක්‌ එම අනතුරු ඇÛවීම පිළිගත්තේ නැත. එහි ප‍්‍රතිඵලය වූයේ ගුවන්හමුදා යානා දෙකකට ස්‌ටින්ජර් මිසයිල ප‍්‍රහාර එල්ලවී විනාශ වීමයි.

මේ පසුබිම මැද විදේශ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානයක්‌ ප‍්‍රකාශයට පත්කරන වාර්තා පිළිගත හැකිද? අයිසිස්‌ ක‍්‍රියාකාරීන් ගැන මෙරට බුද්ධි අංශ සකස්‌ කළ වාර්තාව ආරක්‌ෂක බලධාරීන් වෙත ඉදිරිපත් වී තිබේ. එම වාර්තාවෙන් මෙරට ප‍්‍රදේශ හයක අයිසිස්‌ අනුගාමිකයන් සිටින බව හෙළිකර ඇත.

sl muslim 265කලකට පෙර කොළඹ මරදානේ දී උද්ඝෝෂණයක්‌ පැවැත්වුණි. මෙම උද්ඝෝෂණයේ දී අල්කයිදා නායක බින්ලාඩන්ගේ ඡුායාරූපය රැුගත් ටීෂර්ට්‌ හැඳ සිටි පිරිසක්‌ දක්‌නට ලැබිණි.

මේ තත්ත්වය මත මෙරට ජාතික ආරක්‌ෂාව නොමග යෑවීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන දැඩි උත්සාහයක යෙදී සිටී. ප‍්‍රභාකරන් සාමයට කැමැති බව දක්‌වමින් 2002 සිට ප‍්‍රචාරයක්‌ දියත් කළේ රාජ්‍ය නොවන සංවිධානයි. එහෙත් කොටි කාන්තා බළකායේ හිටපු නායිකාවක්‌ වූ තමිලිනි සිය ග‍්‍රන්ථයේ දක්‌වා ඇත්තේ ප‍්‍රභාකරන් ආයුධ සන්නද්ධ අරගලය මත පිහිටා කටයුතු කළ බවත් සාමය කෙරේ විශ්වාස නොකළ බවත්ය. මේ නිසා බටහිර න්‍යාය පත‍්‍ර මත කටයුතු කරන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල වාර්තා කෙරෙහි විශ්වාසය තැබිය යුතුද යන බරපතළ ප‍්‍රශ්නය අප ඉදිරියේ ඇත. බ‍්‍රසල්ස්‌ ප‍්‍රහාරය අයිසිස්‌ සංවිධානයේ තවත් ම්ලේච්ඡු ක‍්‍රියාවකි. මේ පසුබිම යටතේ අයිසිස්‌ ත‍්‍රස්‌ත සංවිධානය මනුෂ්‍යත්වයේ දෙවොල විනාශ කිරීමට ඉදිරිපත් වී ඇති බව පිළිගත යුතුයි. මේ නිසා මෙරට ආරක්‌ෂක අංශ මෙන්ම බුද්ධි අංශය වඩා අවධානයෙන් සිටිය යුතු කාලය එළඹ ඇත.

– කිර්ති වර්ණකුලසූරිය

Related posts

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday

රංගිරි දඹුළු රජමහා විහාරයේ අභිනව විහාරාධිපති අධ්‍යාපන ඇමති අකිල විරාජ් !!

colombotoday

අලුත් පොලිස්පතිවරයෙක් ගැන තවම තීරණයක් නෑ

Admin

මෙරට එන්නත්කරණය බ්‍රහස්පතින්දා සිටම|මුදලට හෝ බලයට පෝළිමෙන් පිට පැනලා එන්නත් ලබා ගන්න අවස්ථාවක් නෑ.

colombotoday

කොළඹ හෙල්ලෙන වෙඩිතැබීමක් – දෙදෙනෙක් මත්ද්‍රව්‍යනාශකයෙන් ගෙනියයි

Admin

මූල්‍ය වංචා චූදිතයෙක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්කමට !

colombotoday