Colombo Today Local News

අන්තවාදීන්ගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්තගේ මාසික වැටුප සෑම මසකම ඔහුගේ බිරිඳගේ ගිණුමට

පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදී කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මාසික වැටුප සෑම මසකම 5 වැනිදාට ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කිරීමට එම සමාගම එකඟ වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

තමන් මැදිහත් වී පකිස්තානයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හරහා එම සමාගම සමඟ සාකච්ඡා කර මෙම එකඟතාව ඇතිකරගත් බව ද ඇමතිවරයා කීවේය.

ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත මුදල් පරිත්‍යාගයක් ලබාදීම සහ පාසල් උපකරණ පිරිනැමීම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතින් එම අමාත්‍යාංශයේදී අද (15)දින සිදුකෙරිණි.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ කොටස් මෙරටට ගෙන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වැය වන මුදල සහ දේහයේ කටයුතු වෙනුවෙන් ජයරත්න මල් ශාලාවේ ගාස්තුව ඔවුන් වෙත ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබූ බවත්, එම දෙපාර්ශවයම නොමිලයේ එම කටයුතු කරදීම නිසා වෙන් කළ මුදල මෙසේ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත ලබාදෙන බවත් අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් එම පවුල වෙත ලබාදෙන රුපියල් ලක්‍ෂ 25ක මුදල දැනට විදේශගතව සිටින විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා මෙරටට පැමිණි පසු ලබාදීම සිදුවන බව ද ඇමතිවරයා පැවසීය.

Related posts

ගව ඝාතනය නැවැත්වීමේ ජනපති තීරණයට රවී එරෙහි වේ.. රවී පිටුපස උලමා සංවිධානය!

colombotoday

හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක් වෙරළේ…

Admin

කොරෝනා මරණ 213 දක්වා ඉහළට… 10000කට ආසාධිතයි !

colombotoday

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

උපරිම සිල්ලර මිල ගණන් නියම වු ඖෂධ ලැයිස්තුව මෙන්න

colombotoday

සරසවි සිහිනය සැබෑ කරන කඩයිම් ලකුණු මෙන්න

colombotoday