Colombo Today Local News

ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව කොළඹ වරායට රැගෙන එයි

පසුගිය 11 වනදා ශ්‍රී ලංකාවට දකුණු දිගින් ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 250 නාවික හමුදාව විසින් අද (15)දින කොළඹ වරායට රැගෙනවිත් තිබේ.

නාවික හමුදාවට ලද තොරතුරක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව කරන ලද මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900 ක් පමණ දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී මෙම ධීවර යත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ධීවර යාත්‍රාවේ පකිස්ථාන සහ ඉරාන ජාතික ධීවරයින් 06 දෙනෙකු සිට ඇත.

නාවික හමුදාව භාරයට ගත් හෙරොයින් තොගය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ වරාය පර්ශ්‍රයේදී මාධ්‍යට විවෘත කළේ ය.

Related posts

තවත් ප්‍රධාන තෙල් පිරිපහදු 3ක් අලුතින් ඉදිකිරීමට සැලසුම්.

colombotoday

මහින්ද නායකත්වය දුන්නොත් ශ්‍රීලනිපය අන්ත පරාදයි.. පක්‍ෂය දිනවිය හැක්කේ මෛත්‍රීටයි

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

මොරගහකන්ද, සිහිනය සැබෑ කළ හැටි ජනපති කියයි (Video)

colombotoday

ශ්‍රී ලංකාවට IMF ණය මුදල ලැබෙන හැටි

Admin

නිරූපමා රාජපක්ෂ රටින් යයි

colombotoday