Colombo Today Local News

ඇමති චම්පිකගේ රියේ තරුණයා ගැටුණු අවස්ථාවේ CCTV දර්ශන ආලාපාළු යකා ගිලලා

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැදවූ බව කියන ජීප් රියේ ගැටී තරුණයෙකු අනතුරට ලක්වීම සම්බන්ධයෙන් වූ සිද්ධියට අදාලව එම ස්ථානයේ සවිකර තිබූ සී.සී .ටී.වී කැමරාවලින් දර්ශන ලබා ගෙන පරීක්ෂණ සිදු කළ ද එම සිද්ධිය වූ දිනයේ දර්ශන සී.සී.ටී.වී කැමරාවලින් මැකිගොස් තිබූ බව පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

පොලීසිය මේ බව හෙලි කළේ අදාළ නඩුව කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනු අවස්ථාවේදීය.

එමෙන්ම අධිකරණයෙන් ලබා ගත් නියෝග අනුව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ දුරකතන අංක 03ක් පිළිබඳව ද පරීක්ෂා කර වාර්තා ලබා ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට කියා සිටියේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පොලීසියට ලබාදුන් දුරකතන අංක එම අවස්ථාවේ ඔහු විසින් භාවිත නොකළ ඒවා බවයි.

 

Related posts

නාවලපිටියේ අය වැය වැඩි ඡන්ද 12කින් සම්මතයි

Admin

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප‍්‍රදේශය හුදකලා කරයි

colombotoday

මෙම වසරේ වැඩිම අපනයන මාසික ආදායම අගෝස්තු මාසයේදී

Admin

රට ආඩි හත් දෙනාගේ කැඳ හැලියක් වෙලා – ඥානසාර හිමි

colombotoday

“නව ව්‍යවස්ථාව රටට ඉතා හොදයි.. සම්මතකරගන්න අපේ සහය දෙනවා” – ජවිපෙ කියයි

colombotoday

මහබාගේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

Admin