Colombo Today Local News

වැඩි මිලට සහල් වික්කොත් දඩ

උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට දඩ නියම කිරීමට පියවර ගෙන ඇති බව එම අධිකාරිය කියයි.

ඒ අනුව තනි පුද්ගල ව්‍යාපාරයක් නම් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 ක උපරිමයක් දක්වා වූ දඩ මුදලක් නියම කරනු ලබයි.

පුද්ගලික සමාගමක් විසින් ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කළහොත් ඔවුන්ට රුපියල් ලක්ෂ 5 සිට රුපියල් මිලියන 5 ක උපරිමයක් දක්වා වූ දඩ මුදලක් නියම කරන බව සඳහන් වේ.

මීට අමතරව සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය.

දේශීය සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයකට රුපියල් 220ක්, දේශීය සුදු හා රතු සම්බා කිලෝග්‍රෑමයකට රුපියල් 230 ක් සහ දේශීය කීරි සම්බා කිලෝග්‍රෑමයකට රුපියල් 260 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

Related posts

අඛණ්ඩව ඉදිරියට යන යුක්තිය මෙහෙයුම

Admin

වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

පොහොර හිඟයට හේතුව යහපාලනය පොහොර ආනයනකරුවන්ට මුදල් නොගෙවීමයි

colombotoday

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

colombotoday

පුත්තලමේ පල්ලියක ශරීයා නීතිය.. දූෂණයට ලක්වූවායි කතකට පොල්පිති පහර 100ක් තලයි !

colombotoday

මහනුවරින් පළමු තැන දිලුම්ට

colombotoday