Colombo Today Local News

තැපෑලෙන් යවන්න ගිය මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

විදෙස් රටක සිට මෙරටට එවා තිබූ මත්පෙති අඩංගු පාර්සල් කිහිපයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී සොයාගෙන තිබේ.

අද (15) දහවල් මෙම මත්පෙති අඩංගු පාර්සල් සොයාගෙන ඇත.

අදාළ පාර්සල් නෙදර්ලන්තයේ සිට මෙරට කොළඹ පදිංචි පුද්ගලයෙකුගේ නමට එවා තිබුණි.

කෙසේවෙතත් මෙම පාර්සල් තුළ අඩංගු මත්පෙති ප්‍රමාණය හෝ එහි බර සම්බන්ධයෙන් මේ වනතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

මේ අතර අදාළ පාර්සල ලබාගැනීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

බදියුදීන් යළි රිමාන්ඩ් – බිරිඳ සහ මාමණ්ඩි ඇප මත නිදහස්

colombotoday

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

colombotoday

රටට ආදරයක් නැති මිනිහෙක්.! ෆොන්සේකාගේ චෝදනා ගැන හිටපු ජනපති කියයි (Video)

colombotoday

ඇමැති 20කගේ දුෂණ ෆයිල් ජනපති කොමිසමට

colombotoday

උසස් පෙළ පැවැත්වෙන දින ගැන තීරණය ලබන සතියේ

Admin

සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති අනුව අනුගත වෙන්න බැරිනම් ඉවත්වෙන්න – පොහොට්ටුවේ මහලේකම් දන්වයි

colombotoday