Colombo Today Local NewsHot News

“අද අපට උදව් කරන්න.. හෙට අපි රටටම බත් දෙන්නම්” බෝගස්වැව ගොවි, රණවිරු මව්වරුන්ගේ ආයාචනය

පසුගිය මාර්තු 15දා මාධ්‍ය කණ්ඩායමක්ද කැටුව පූජ්‍ය ගලගොඅත්තේ ඥාණසාර හිමි ඇතුළු බොදු බල සේනා සංවිධානය මුලතිව සහ වව්නියාව ප්‍රදේශවල සිංහල ජනතාව පිළිබද සොයා බැලීම සදහා කළ සංචාරයේදී වව්නියාව බෝගස්වැව ගම්මානයේ ජනතාව ගෙවන කටුක දිවිය ලොවට අනාවරණය කරන්නට අපට හැකිවුණා.  ඊයේ නැවත වරක් බොදු බල සේනා සංවිධානය බෝගස්වැවට ගියේ එහි ජනතාවට සහන සැලසීමේ තාවකාලික පිළියමක් ලෙස දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාරත් රැගෙනයි. පෙර අප එහි සංචාරය කරද්දී තමන් ඇතුළු බෝගස්වැව ජනතාව ගෙවන කටුක දිවිය පිළිබදව හැඩූ කදුලින් අදහස් දැක්වූ මෑණියන්  කදුළු වෙනුවට බලාපොරොත්තු පුරවාගත් දෑසින්යුතුව ඊයේ අප සමග මෙසේ අදහස් දක්වා සිටියා.

කෙසේ වෙතත් වියළි ආහාර සලාකයක් ලබා දීමෙන් පමණක් සියල්ලට ‍විසදුම් නොලැබෙන අතර එදා යුද්ධයෙන් බැට කමින් අද අන්ත දරිද්‍රතාවයෙන් පීඩිතව අපා දුක් විදින බෝගස්වැවේ ගම්මාන 18ක පාරම්පරිකව පදිංචිව සිටි සහ පසුගිය රජය සමයේ අලුතෙන් පදිංචි කරන ලද රණවිරු පවුල්වල ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීම වෙනුවෙන් තව බොහෝ දෑ කළ යුතුව තිබේ. ඔවුන්ගේ ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කිරීම, වගා කටයුතු සදහා අවශ්‍ය ඉඩම් වෙන්කර දීම, වගා කටයුතු සදහා ජල පහසුකම් සැපයීම, වව්නියාව සිට බෝගස්වැව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය ඉදිකරදීම, සෞඛ්‍ය අධ්‍යාපන ඇතුළු යටිතල පහසුකම් ගොඩනැගිය යුතුව තිබේ. ඒ සදහා රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍යය.

එහෙත් උතුරු නැගෙනහිර දමිළ සහ මුස්ලිම් ජනතාවගේ ගැටළුවලට පමණක් විසදුම් ලබාදීම “සංහිදියාව” යැයි සිතන වත්මන් රජයේ බලධාරීන්ට උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් අවතැන්ව දුක් විදින සිංහල ජනතාව මෙරට පුරවැසියන් පිරිසක් ලෙස නොපෙනීම කණගාටුදායකය. රජයේ ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන් මෙන්ම ජාතිවාදී රජයේ නිලධාරීන්ගෙන් පවා බෝගස්වැව ජනතාවට ලැබී තිබෙන්නේ “තොපි මෙහාට ගෙනත් දාපු එවුන්ගෙන්ම ඉල්ලා ගනියව්” යන කටුක ප්‍රතිචාරය පමණකි. බෝගස්වැව ජනතාව විදින දුක මාධ්‍යයට කීම නිසා රජය අපහසුතාවට පත්වූවායැයි ගොරණාඩු කරමින් ප්‍රදේශයේ දේශපාලන කාලකන්නියෙකු ඉහත වීඩියෝවේ ‍අදහස් දැක්වූ මෑණියන්ට සහ බොගස්වැව සැළලිහිණිගම විහාරාධිපති හිමියන්ට මරණ තර්ජණය කළ පුවතක්ද අපට අසන්නට ලැබිණි. එවැනි අභාග්‍යසම්පන්න පසුබිමක් යටතේ එම ජනතාව වෙනුවෙන් රජයේ මැදිහත් වීම පිළිබදව ඔවුන්ට මෙන්ම අපටද ඇත්තේ බලාපොරොත්තු මාත්‍රයක් පමණකි.

කෙසේ වෙතත් බොගස්වැව සිංහල ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය දැනුවත් කිරීමට තම සංවිධානය කටයුතු කරන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පෙරදින සංචාරයේදී පැවසූහ. එතෙක් කෙටිකාලීන සහ දිගුකාලීන සහන සැලසීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්, ස්වයං රැකියා සදහා පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් සහ වගා ලිං කැණීමේ ව්‍යපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද උන්වහන්සේ පැවසීය.

Related posts

“සිංහලයන් කලින් හමු වුණානම් එල්.ටී.ටී.ඊ.යට බැඳෙන්නේ නෑ” කියූ අවසන් සමයේ එල්ටීටීඊ නමත් පිළිකුල් කළ තමිලිනීගේ කතාව

colombotoday

දක්ෂිණ අධිවේග මාර්ගයේ ලොරියක් කරනම් ගසයි

Admin

කොරෝනා වෛරස් නිරෝදායනයට මඩකලපුවේ වෙනම දූපතක් වෙන් කිරීමට යෝජනාවක් !

colombotoday

රන් පවුමයක මිල තවත් නගී

colombotoday

කුණු ලොරිවලට පහරදුන්නැයි දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට

colombotoday

නීති විරෝධීව රත්‍රං ගෙන ආ අලි සබ්‍රි වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමේ තීරණයක්..

Admin