Colombo Today Local News

“කොටි ඩයස්පොරාව නැවතත් හිස ඔසවනවා… ජාතික ආරක්ෂාව දුර්වල වෙලා” – කරුණා අම්මාන්

නැවැතත් රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවත් රටේ ආරක්ෂාව මීට වඩා තහවුරු විය යුතු බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැඟෙනහිර සන්නද්ධ අංශ හිටපු නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව නැවැතත් හිස ඔසවමින් සිටින බව පැහැදිලි යැයි පවසන විනයාගමූර්ති මුරලිදරන් රට ආපස්සට කිසිදු ආකාරයකට හැරවීමට ඉඩ නොදිය යුතු යැයි සඳහන් කළේය.

වසර තිහකට අධික කාලයක් රට තුළ ඇතිව තිබූ දරුණු යුද්ධය ආරම්භ වූයේ මෙවන් සිද්ධි එකින් එක ආරම්භයෙන් යැයි නැවැත මතක් කළ යුතු බවත් තමාද රටේ යුද්ධය නිමා කර දැමීමට සහයෝගය දුන් පුරවැසියකු නිසා රටේ ආරක්ෂාව පිළිබඳ මතයක් දැරීමට අයිතියක් තමාටද ඇති බවත් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ මොහොත වන විට තමාගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳවද යම් ප්‍රශ්නයක් පවතින බව ඒ මහතා කීවේය. මුරලිදරන් මහතා මේ බව ප්‍රකාශ කෙළේ පසුගියදා චාවකච්චේරිය ප්‍රදේශයේදී පුද්ගලයකු ළඟ තිබී හමුවූ මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගත් සිද්ධිය පිළිබඳ සිය අදහස් පළ කරමිනි. ඔහු වැඩිදුරටත් පැවැසුවේ එම බෝම්බ ඇතුළු උපකරණ සොයා ගත් පොලිසියේ, ආරක්ෂක නිලධාරීන්ට තමා මේ මොහොතේ ස්තුතිය පළ කර සිටින බවයි.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

පාස්කු ප්‍රහාරකයින්ට පහසුකම් සැපයීමේ චෝදනා මත රිෂාඩ් බදුර්දීන් සහ රියාජ් බදුර්දීන් අත්අඩංගුවට

colombotoday

ජනපති රනිල්ගෙන් රංජිත් ආරියරත්න ට විශේෂ තනතුරක්

Admin

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

colombotoday

සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට

colombotoday