Colombo Today Local News

ජනපති අද එන ‘සරල උත්සවයට’ වියදම තුන් කෝටි අසූලක්ෂයයි.. අනුමත බිල්පත මෙන්න !

207de13b-0f5a-4760-a2c2-40c225c3caf0_zpsckussbc6

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විසින් අද 06 දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවතවන සමුළුව සදහා වියදම රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇත.

“වස විෂ නැති ජාතියක්‌ සහ වකුගඩු රෝග නිවාරණය” යන තේමාව ඔස්‌සේ පවත්වන මෙම සමුළුවට වැයවන ඉහත මුදල අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අනුමත කර තිබේ.

ඒ අනුව අද පවත්වන මෙම සමුළුවේ ප්‍රවාහන කටයුතු සඳහා රුපියල් ලක්‍ෂ 75 ක්‌, ආලෝකය, ශබ්ද විකාශන හා පසුබිම් නිර්මාණයට රුපියල් ලක්‍ෂ 80 ක්‌, සමරු කලඹට රුපියල් ලක්‍ෂ 40 ක්‌, පෝස්‌ටර්, බැනර්, කටවුට්‌ වෙනුවෙන් ලක්‍ෂ 5 ක්‌, ආරාධනා පත්‍ර සඳහා රුපියල් ලක්‍ෂ 2 ක්‌, ගොවීන් අටදහසකට හැඳුනුම්පත් ලබාදීමට රුපියල් ලක්‍ෂ 4 ක්‌, සැරසිලි සඳහා රුපියල් ලක්‍ෂ 5 ක්‌, අතිරේක කඩදාසි වියදම් සඳහා රුපියල් ලක්‍ෂ 10 ක්‌, වතුර බෝතල් සඳහා රුපියල් හාරලක්‍ෂ අසූදහසක්‌ ඇස්‌තමේන්තු ගත කර තිබේ.

මෙහි සංග්‍රහ කටයුතු ආහාර වට්‌ටෝරු (මෙනු) තුනක්‌ යටතේ සපයන අතර සහභාගී වන ගොවීන් සඳහා සංග්‍රහ කටයුතු වලට රුපියල් ලක්‍ෂ 60 ක්‌ වෙන්කර තිබේ. සංවිධායක කමිටුවේ ආහාර සඳහා රුපියල් ලක්‍ෂ 2 ක්‌ සහ විශේෂ ආරාධිතයන්ගේ ආහාර සඳහා රුපියල් ලක්‍ෂ 2 ක්‌ ඇස්‌තමේන්තු ගත කර තිබේ.

මීට අමතරව සහභාගී වන සියලු දෙනාට ආහාර බෙදා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව යෙදූ පිඟන්ද සකස්‌ කර ඇතැයි වාරිමාර්ග අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් මෙම පිඟන් අද සමුළුවේදී බෙදාදීම අත්හිටුවා ඇති අතර ඊට හේතුව ලෙස දක්‌වා ඇත්තේ ජනපතිගේ රුව යෙදූ පිඟන්වල මස්‌ මාළු බෙදාගෙන කෑම නුසුදුසු වීමයි.

කෙසේ වෙතත් මෙම සමුළුවට සමාන තේමාවක්‌ යටතේ පසුගිය මාසයේද බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ප්‍රදර්ශනයක්‌ පැවැත්වූ අතර ඒ සඳහා වියදම රුපියල් කෝටි අටක්‌ බව සමස්‌ත ලංකා ගොවිජන සමමේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා කර සිටී.

“ඇයි මේ එක හා සමාන ව්‍යාපෘති දෙකක්‌ අමාත්‍යාංශ දෙකකින්. මේ වැඩසටහන් දෙකටම රුපියල් එකොළොස්‌ කෝටි අසූ ලක්‍ෂයක්‌. මේ ජනාධිපතිවරයාගේත්, මැති ඇමැතිවරුන්ගේත්, අගමැතිවරයාගේත්, පෞද්ගලික මුදල් නොවේ. ජනතාවගේ බදු මුදල්.

මේ මුදලින් කුඩා වැව් 236 ක්‌ ප්‍රතිසංස්‌කරණය කරන්න පුළුවන්. ආර්ථික මධ්‍යස්‌ථානවල එළවළු පලතුරු නරක්‌වෙලා විසි කරනවා. මේ ආර්ථික මධ්‍යස්‌ථානවලට එළවළු පලතුරු කල් තබා ගන්න කිසිම පහසුකමක්‌ නෑ. අඩුම ගානේ අධිශීතාගාර පහසුකම් හෝ මේවාට ලබා දෙන්න ආණ්‌ඩුව කටයුතු කර නෑ.

එසේ තිබියදී ආණ්‌ඩුවේ ඇමැතිවරු විවිධ ව්‍යාපෘතිවලට කෝටි ගණන් වැය කරමින් ප්‍රතිරූපය නංවා ගන්නවා යෑයි නාමල් කරුණාරත්න මහතා පවසයි

bill_zpsha8l2awu

Related posts

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

Admin

පුංචි ඡන්දයේ වියදම් සීමා ගැන අපේක්ෂකයින් දැනුවත් කරන්න විශේෂ වැඩසටහනක්

Admin

මහ බැංකුවෙන් සියලු බැංකුවෙත නියෝගයක්

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා යටතේ නඩු පවරයි !

colombotoday

මංකොල්ලයක් සම්බන්ධයෙන්, රාජිතගේ සුදු වෑන් කිඹුලන් දෙදෙනා අත්අඩංගුවට !

colombotoday

සිසුන් 27,603කට මෙවර සරසවි වරම්.. කඩයිම් ලකුණු මෙන්න

colombotoday