Colombo Today Local News

පැනමා රහස්‍ය ලිපිගොණු වලට රාජපක්ෂලාත් ගෑවී ඇත්දැයි ආණ්ඩුව හොයයි

ලොව පුරා සිටින ඇතැම් රාජ්‍ය නායකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්, මාෆියා නායකයන් තමන්ගේ වත්කම සගවා තබා ගැනීමට සහ සිය රටවලදී ගෙවිය යුතු ආදායම් බදු වලින් රිංගා යාමට රහසිගතව කටයුතු කර තිබෙන බවට තොරතුරු හෙළි වීමත් සමග ඔවුන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ හෝ ඥාතීන්ගේ හෝ හිතවතුන්ගේ නම් සදහන්ව තිබේදැයි වහාම සොයා බැලීමට ආණ්ඩුවේ ප්‍රධානියෙකු විදේශ නියෝජිත ආයතන කිහිපයකට දැනුම් දී තිබේ.

මෙලෙස වත්කම් සැගවූ රාජ්‍ය නායකයන් පිළිබදව හෙළිව තිබෙන්නේ, නීති කටයුතු වලට සම්බන්ධ මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) නම් පැනමාවේ සමාගමක් සමග ඔවුන් කළ ගණුදෙනුවල තොරතුරු ඇතුළත් ලිපිගොණු මගිනි.

ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට සහ නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට කටයුතු කළ වර්තමානයේ බලයේ සිටින හෝ පෙර බලයේ සිටි ලෝක රාජ්‍ය නායකයන් දොළොස් දෙනෙකුගේ නම් මේ ලිපි ගොනු මගින් මේවනවිට හෙළිවී ඇති බවට වාර්තා වේ.

ඉදිරියේදී තවත් බොහෝ රාජ්‍ය නායකයන්ගේ නම් මතුවනු ඇති බවට විශ්වාස කරන අතර ඒලෙස වත්කම් සගවා තැබීම සම්බන්ධයෙන් තොරතුරු හෙළිවූ ෆින්ලන්ත අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

Related posts

බුවනෙකබාහු රජතුමා වී ඇත්තේ ලී මඩුවේ චන්දරේගෙ පුතා.. මං ඉන්නතුරු කුරුණෑගල නගරාධිපතිට අතක් තියන්න කිසිවෙකුට ඉඩ දෙන්නෙ නෑ.

colombotoday

දේශපාලකයෙකුගේ බිරිඳකට අලෙවිසැලක් තුළදී පිහියෙන් අනී

Admin

LED දේශපාලන දැන්වීම් තහනම් කල මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව 31 ට කල් යයි.

colombotoday

දඹුල්ල පංසලේ වැවෙන් නාදුන මල සිරුරක් හමුවේ.

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

කොටහේන 6වන පටුමගේ වෙඩිතැබීමක්

Admin