Colombo Today Local News

වසර දෙකක් ඇතුළත පිටි කිරි සහ බීජ ආනයනය නවතන්න සැලසුම් සකස්න්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

තව වසර දෙකක් ඇතුළත බීජ ආනයනය සහ පිටිකිරි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

2024 වන විට රටට අවශ්‍ය බීජ රටේම නිපදවා ගැනීමටත්, කිරිපිටි ආනයනය නතර කර ජනතාව දියර කිරි සදහා හුරු කරවීමේ ඉලක්කය සපුරා ගැනීමටත් කටයුතු කළ යුතුව ඇතැයිද අලුත්ගමගේ මහතා කීය.

බහුජාතික සමාගම්වල බලපෑම්වලට හසුනොවී ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කෘෂිකර්ම ඉලක්ක සපුරා ගැනිමට කැපවී කටයුතු කළ යුතු බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මෙි බව කීය.

Related posts

ස්ථාන හයක පිපිරීම්… මරණ 50 ඉක්මවයි…

colombotoday

කිලෝ 80ක් බර තවත් නිල් මැණික් පොකුරක් රත්නපුරෙන් හමු වෙයි

colombotoday

අවන්හලකට පහර දුන් ප්‍ර. මන්ත්‍රීට වැඩ වරදින ලකුණු

colombotoday

2017 වසරේදී පමණක් රුපියල 1.2% බාල්දු වෙලා

colombotoday

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික සන්ධානයක් ලෙසින් පළාත් පාලන මැතිවරණයට

Admin