Colombo Today Local News

“විශ්වාසභංග සීයක් ගෙනාවත් පරද්දනවනම් බොරු.. බහුතරය අපටයි” – ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති

karunarathna paranavitana

වීශ්වාස භංග එකක් නොව සියයක් ගෙන ආවත් තුනෙන් දෙකේ බහුතරයක් තිබෙන නිසා ආණ්ඩුවට එය දැනෙන්නේවත් නැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (07) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ පසුගිය රජයට සම්බන්ධව සිටි මේ අය සිදු කළ විෂමාචාරවලට එරෙහිවු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට ද මේ අය විශ්වාස භංගයක් ගෙන ඒම බංකොලොත් බව තවතවත් අවධාරණය කිරීමක් බවයි.

‘මේ අය මතක තබා ගත යුතු කරුණක් වන්නේ විශ්වාසය භංග කර ගත් ඔවුන් වැනි අයගේ විශ්වාස භංගවලට රජයේ ඇමැතිවරුන් බිලි දෙන්නට අප සුදානම් නැති බවයි. පාඨලී ඇමැතිතුමන්ට අයත් වාහනයේ හැපුණු මේ මෝටර් බයිසිකලය රේස් පදින්නට මෙරටට ගෙන ආ එකක්. එය එවැනි තරගයකට මිස සාමාන්‍ය යතුරු පැදි ධාවනය කරන ආකාරයට මහපාරේ ධාවනය කරන්නට බැරි බවට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ ලියවිල්ලකින්ද සනාථ කර තිබෙනවා.

මේ සිදුවීම සම්බන්ධයෙන් තමන්ගේ නිරවද්‍යතාව පිළිබඳව සියලු කරුණු තමන් සතුවූවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන නිසා පාඨලී ඇමැතිවරයා මෙයට අදාල කරුණු තම පාර්ශ්වයෙන් දැන් හෙළිකරන්නේ නැහැ. නිසි වෙලාව ආ විට මේ චෝදනාවලට ඇමැතිවරයා පිළිතුරු ලබා දෙනු ඇති.’ යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

Related posts

වඩමාරච්චි මුහුද දකුණේ ධීවරයන්ට තහනම් කරයි

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

කැබිනට් සංශෝධනය අද… නීතිය හා සාමය ෆොන්සේකාට ?

colombotoday

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

colombotoday

අක්කර 600 ක් විතරක් බෑ. අපිට සේරම ඕනි – විග්නේෂ්වරන්

colombotoday