World

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

චීනයේ මිලිටරි තර්ජන සම්බන්ධයෙන් නේටෝ සංවිධානය අනතුරු අගවා තිබේ.

ඒ, බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැවති නේටෝ සමුළුවේදීයී. එම සංවිධානයේ නායකයින් එහිදී පෙන්වා දී ඇත්තේ චීනයේ හැසිරීම් විලාශය අභියෝගයකට වී ඇති බවයි.

චීනය සිය න්‍යෂ්ටික අවි ගබඩා වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටින බවත්, එය විනිවිදභාවයෙන් තොර බවත් ඔවුන් පෙන්වාදී තිබේ.

නේටෝ සංවිධානයේ ප්‍රධානී ජේන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසා ඇත්තේ චීනයේ හමුදාමය සහ තාක්ෂණිකමය හැකියාව නේටෝ සංවිධානයට අයත් රටවල්වල හමුදාමය හැකියාවන්ට සමාන බවයි. එහෙත් චීනය සමග සීතල යුද්ධයක් අනවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

යුරෝපා සහ උතුරු අමෙරිකානු රටවල් 30 ක් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය දරයි.

Related posts

ඇෆ්ඝනිස්තානයේ ජලාලාබාද් නගරයේදී තරුණියන් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කරලා

colombotoday

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ගිනි ගනී.. 13ක් රෝහලේ

colombotoday

ඉන්දියාව රුපියල ඩිජිටල් කරයි

colombotoday

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වෙයි

colombotoday

ෆේස්බුක් පරිශීලකයින්ගේ රහස් තොරතුරු සොරකම්කළ හැකි ඇන්රොයිඩ් මෙවලම් 9ක් Google ඉවත් කරයි

colombotoday

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පෙරමුණට

Admin