Colombo Today Local News

ජාතික නාළිකාව බුදු රුවට නිගා කරයි !

ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රය ඉදිරිපිට බුදු රුවට නිගරු වන ආකාරයෙන් ප්‍රදර්ශනය කර ඇති පුවරුවක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි, කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා ඇතුළු බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිසක් අද පෙරවරුවේ එම ස්ථානයට ගොස් තිබේ.

සීගිරි ලදුන් බුදු සිරසට ඉහළින් පිහිටන සේ නිර්මාණය කර තිබූ එම පුවරුවෙන් බුදු රුවට නිග්‍රහයක් වන බවත්, විශේෂයෙන්ම රාජ්‍ය ආයතනයක් තුළ එවැන්නක් සිදුවීම කිසිසේතම සුදුසු නැති බවත් එහි ගිය පිරිස පෙන්වා දී ඇත.

සංස්ථා සභාපතිවරයා වෙනුවෙන් එම පිරිස සමග සාකච්ඡාවට පැමිණි සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු අදාළ පුවරුවේ කිසිදු වැරැද්දක් නොමැති බවට ප්‍රකාශ කර ඇති අතර පසුව දෙපිරිස අතර උණුසුම් කතාබහක්ද සිදුව ඇත.

කෙසේ වෙතත් පසුව රූපවාහනී සංස්ථාවේ සභාපතිවරයාගේ නියෝගයෙන් එම අවස්ථාවේදීම අදාළ පුවරුව ඉවත් කිරීමට කටයුතු කර ඇත.

12939579_10206640922888267_1839529478_n12966184_10206640922168249_156770080_n

Related posts

මුලතිව් හමුදා මූලස්ථානය ඉවතට.. කැබිනට් පත්‍රිකාව එන සතියේ එයි…

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෙනසුරාදා සිට යළි අරඹයි

Admin

අවුරුදු 12ක දැරියක් 32 තරුණයෙකු සමඟ කැලෑවකින් සොයා ගනී

Admin

පොලිස් හදිසි මෙහෙයුමෙන් බීමත් රියදුරන් 222ක් අත්අඩංගුවේ

colombotoday

බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලේදී පලා යයි

Admin

සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළෙයි

Admin