Colombo Today Local News

ශ්‍රීලනිපය කඩන්න ඒකාබද්ධ විපක්ෂෙට ඉඩදෙන්නෑ.. ඇමතිකම ගත්තේ පඩි අරන් නිකං ඉන්න බැරිකමට

manusha nanayakka26

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඔවුන් අතර සිටින කීප දෙනකුගේ උවමනාව අනුව හැසිරෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඇමතිකම ලැබීමෙන් පසු පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඊයේ (08) මේ බව කීය.

2010 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසුණ මනුෂ නානායක්කාර මහතා, පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යළි තේරී පත් වූ අතර ඔහු දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවයට සහය පළ කරමින් ආණ්ඩුවට එක්ව නියෝජ්‍ය ඇමති පදවියක් ලබා ගත්තේය.

‘සමහරු අහනවා මම දැන් පිල් මාරු කරලද කියල. නැහැ! එදත් අදත් හෙටත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මගේ පක්ෂය සම්මුතිවාදී ආණ්ඩුවට එක් වෙලා තියෙද්දී නිකම් පඩි අරන් ඉන්නවාට වඩා රට ඉදිරියට යන මේ ගමනට සහය දෙන එක හොඳයි කියලයි මේ තීරණය ගත්තේ’ නව නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් එහිදී පැවසිය.

Related posts

කුළු බඩු කිහිපයක් ආනයනය තහනම් කරයි.

colombotoday

බුර්කා, නිකාබ් දාන්න. උලමා සභාව නොකියා කියයි

colombotoday

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි

colombotoday

බුද්ධිමය දේපළ පනත අද සිට බලාත්මකයි

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරුන් 07 කට පාර්ලිමේන්තු උසස් කාරක සභා අනුමැතිය

colombotoday

මුස්ලිම් ඇමතිවරු ජනපති හමුවේ – ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday