Colombo Today Local News

බදියුදීන්ගේ ඉල්ලීමට ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් ඔවුන්ගේ නිවෙස්වලදී රැඳවුම් භාරයට පත්කරන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීමට ආරක්ෂක අමාත්‍යවරයා එකඟතාවය පළ නොකරන බව නීතිපතිවරයා අද (15)දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

ඔවුන්ගේ නීතිඥ ෆයිස් මුස්තාපා මහතා විසින් අධිකරණයේදී එම ඉල්ලීම සිදුකර තිබුණි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටී.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

මෙම පෙත්සම් අද විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ඉදිරියේ කැඳවනු ලැබීය.

වැඩිදුර පෙත්සම් සලකාබැලීම ලබන 28 වනදා දක්වා කල් තැබුණි.

Related posts

මහ වැස්සේ කාණුවට වැටුණු තිදරු මවක් මරු දකී

colombotoday

මැතිවරණයක් පැවැත්වීම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශිෂ්ට ක්‍රියාවක් – ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි !

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුත්තලමේ අන්තවාදී සංවිධානයක්

colombotoday

75 වන නිදහස් සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට

Admin