Colombo Today Local News

වොක්ස්වාගන් කාර් කම්හල අරින්න කුලියාපිටියෙන් ඉඩමක් වෙන් කරයි

ජර්මනියේ වොක්ස්වාගන් මෝටර් රථ මෙරට එකලස් කිරීමේ කම්හලක් ඉදිකිරීම සඳහා කුලියාපිටියේ ඉඩමක් වෙන් කරනු ලැබූ බව ආයෝජන මණ්ඩලය පවසනවා.

ඒ, එම මෝටර් රථ එකලස් කිරීම සඳහා අදාළ නියෝජිත සමාගම සමඟ ගිවිසුමකට එළඹීමෙන් අනතුරුවයි.

ආයෝජන මණ්ඩලය ඇති කර ගත් එම ගිවිසුමට අනුව ඝන සෙන්ටිමීටර් 1000සේ සිට 2000 දක්වා වූ ධාරිතාවයෙන් යුත් මගී ඞීසල් මෝටර් රථ, බහුකාර්ය රථ සහ වාණිජ මෝටර් රථ මෙම කම්හලේ එකලස් කරනු ඇති.

පළමු තුන්වසර තුළ මෙහි නිෂ්පාදනය කෙරෙන වොක්ස්වාගන් මෝටර් රථ ශ්‍රී ලංකාව තුළ අලෙවි කෙරෙන අතර, ඉන් පසුව විදේශ වෙළඳපළ වෙත ඒවා අපනයනය කෙරෙනු ඇති.

අදාළ ව්‍යාපෘතිය සඳහා සිදුකෙරෙන ආයෝජන ඇමරිකානු ඩොලර් 26.5ක්.

Related posts

ලොහාන් රත්වත්තේ මහතා නව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

Admin

ෂරියා විශ්වවිද්‍යාලය ඉදි කළ හිරා පදනමට තවමත් ලියාපදිංචියක් නෑ.

colombotoday

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි දිවයිනට

colombotoday

“ගමේ ශ්‍රීලනිප පාක්‍ෂිකයා තවමත් මහින්දත් එක්‌කයි.. අපි ළගදිම එකතු වෙනවා” – ඉසුර දේවප්‍රිය

colombotoday

‘මැන්ඩවුස්’ සුළි කුණාටුව නිවාස 5640ක් හානි කරයි – තුනක් බිලි ගනී

Admin

ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළට

colombotoday