Colombo Today Local News

“සම්බන්ධන්ගේ ෆෙඩරල් කතාව සංහිඳියාවට අගුණයි… අපි විරුද්ධයි” – හෙළ උරුමය

jhu

උතුරු නැගෙනහිර සදහා ෆෙඩරල් ක්‍රමයක් ලබා ගැනීම සදහා මේ ආණ්ඩුවෙන් සහය ලබා ගත හැකි බවට විපක්ෂ නායක ආර් සම්බන්ධන් කළ ප්‍රකාශය පිළිබදව අදහස් දක්වමින් ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්බන්ධන්ගේ ප්‍රකාශය රජයේ සංහිදියා වැඩිපිළිවෙලට දැඩි පහරක් වන බවද එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙනවා.

විපක්ෂ නායකගේ ෆෙඩරල් කතාව සංහිඳියාවට පහරක්.

‘‘ෆෙඩරල් ලබාගන්න පුළුවන් එතෙක් වැඩ අවුල් කරන්න එපා“ යැයි විපක්ෂ නායක ආර්.සම්බන්දන් උතුරු පළාත් සභා මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. විපක්ෂ නායකවරයා යාපන ප්‍රදේශයේ සංචාරයකට එක් වූ අවස්ථාවකදී උතුරු පළාත් සභා නියෝජිතයන් සමග පසුගිය 16 වෙනිදා පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇති අතර, එහිදී වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ඒකීය රටතුළ බලය බෙදාහැර ෆෙඩරල් ක්‍රමයක් ලබාගැනීමට වර්තමාන රජය තුළින් අවස්ථාවක් පවතින බැවින් එයට බාධා නොකොට රජයේ ඉදිරි ක්‍රියාමාර්ග කඩාකප්පල් නොකර කටයුතු කරන ලෙසට විපක්ෂ නායකවරයා උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත උපදෙස් දී ඇත. මෙහිදී උතුරු පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත භාෂාව පදනම් කරගත් ප්‍රාන්ත යෝජනාවලිය ගැන ද සාකච්ඡා වී ඇත.

විපක්ෂ නායක සම්බන්ධන් මහතාගේ මෙම ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ දෙමළ බස පදනම් කරගත් ෆෙඩරල් රාජ්‍යයක් පිලිබඳව සිහින ලෝකයෙන් තවමත් මිදී නැති බවයි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ පටන් වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා දෙමළ ප්‍රභූ පන්තිය උත්සාහ දැරූ අතර නිදහසින් පසුවද මෙම බෙදුම්වාදී ෆෙඩරල් මතවාදය ඉදිරියට ගෙන යමින් දෙමළ ජනතාව බෙදුම්වාදයේ මරු තුරුලට ගෙන යමින් දෙමළ සමාජය සොහොන් පිටියක් බවට පත්කළේ පොන්නම්බලම්ලා, චෙල්වනායගම්ලා, අමිර්තලිංගම්ලා හා ප්‍රභාකරන්ලාය. දෙමළ ජාතිවාදයේ හා බෙදුම්වාදයේ මතවලින් පෝෂණය වී සන්නද්ධව රට දෙකඩ කිරීම සඳහා යුද වැදුණු තිස්වසරක දෙමළ ඊළාම් ත්‍රස්තවාදයෙන් දෙමළ සමාජයට අත් වූ සුගතියක් නැති බව සම්බන්ධන් මැතිතුමාටත් විග්නේෂ්වරම් මැතිතුමාටත් උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරුන්ටත් නොතේරීම ඛේදජනක තත්ත්වයකි. දෙමළ ඊළාම් රාජ්‍ය, ෆෙඩරල් රාජ්‍ය සහසන්ධීය රාජ්‍ය හා ප්‍රාන්ත ආණ්ඩු ලබාගැනීම සඳහා ගෙනගිය දේශපාලන මතවාද වලින් අරගල වලින් දෙමළ සමාජයට ලැබී ඇති සුගතිය කුමක්ද? එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදය පරාජය කර වසර 06ක් අවසන් වී තිබිය දී එහි පාඩම් ඉගෙන ගෙන නැති දෙමළ දේශපාලඥයන් නැවත දෙමළ සමාජය ෆෙඩරල් රාජ්‍යයක් දෙසට දක්කා ගෙන යන්නේ නැවත වතාවක් විනාශ මාවතේ දොර විවෘත කිරීමට බව නම් පැහැදිලිය.

දෙමළ තරුණයින් දෙමළ ජාතිවාදි බෙදුම්වාදි මතවාද වලින් පෝෂණය වී නැවත වතාවක් ෆෙඩරල් අභිලාෂයන් වෙනුවෙන් පෙළ ගැසීමේ ප්‍රතිවිපාක වලට අනාගතයේ දී ඔවුන්ට භුක්තිවිදීමට සිදුවනු ඇත.

සම්බන්ධන් මහතාට තම ජනතාව නියෝජනය කිරීමට අයිතියක් ඇති මුත් රටේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සම්මුතිවාදි ආණ්ඩුවේ සම්මුතියට අනුව කටයුතු කළ යුතු අතර පසුගිය ජනාධිපතිවරණයේ දී හෝ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ෆෙඩරල් පාලනයක් සඳහා මේ රටේ ජනතාවගේ කැමැත්ත පළ වී නැත. මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හෝ එක්සත් ජාතික පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිදු තැනක ෆෙඩරල් ප්‍රාන්තයක් ලබාදෙන බව සඳහන් කර නැත. ඒකීය රාජ්‍යයක් යන්නට නිශ්චිත දේශපාලන අර්ථයක් ඇත.

ෆෙඩරල් පාලනයක් යන්නට ද නිශ්චිත දේශපාලන අර්ථයක් ඇත. මෙම ප්‍රකාශ සහ යෝජනා පැහැදිලිවම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. රට බෙදීමට සෘජුව හෝ වක්‍රව දායක නොවන බවට දිවුරුම් දෙන මහජන නියෝජිතයන් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් එය නීතිය හා ව්‍යවස්ථාව අභියෝගයට ලක්කිරීමකි.

උතුරේ මහඇමති විග්නේෂ්වරම් හා එහි පළාත් සභාවත්, විපක්ෂනායක සම්බන්ධන් මැතිතුමාත් දෙමළ සමාජය ෆෙඩරල් රාජ්‍යයක් පිළිබඳ බලාපොරොත්තුවක් දෙසට තල්ලු කරමින් ඇත. විපක්ෂ නායකවරයා මේ කරමින් තිබෙන්නේ රටේ සංහිඳියාවට අතිශයින්ම හානිකර ක්‍රියාවලියකි. වයෝවෘද්ධ සම්බන්ධන් මහතා වැන්නෙක් මෙයට වඩා දූරදර්ශීව වගකීමෙන් තම ජනතාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු අතර රටේ බහුතර ජනතාවගේ සිතුම් පැතුම් ද තේරුම් ගෙන තම අදහස් හා යෝජනා ඉදිරිපත් කළ යුතුය. ෆෙඩරල් ලබාගන්නට පුළුවන්. එතෙක් වැඩ අවුල් කරන්න එපා. යන කියමනින් සම්බන්ධන් මහතා සමාජයට දෙන පණිවිඩය රටේ ඉදිරි ගමනට හිතකර නැත. මෙය සාමය සංහිඳියාව සඳහා අත දිගුකරන්නක් නොවේ. සිංහල ජනතාව තුළ අවිශ්වාසය, සැකය වැඩි කරන්නකි. දෙමළ ජනතාව බෙදුම්වාදය දෙසට ඇදගෙන යන්නකි.

උතුරේ දෙමළ දේශපාලනය විසින් අලුත් අවුරුද්දේ දකුණට ලබාදෙන පණිවිඩය සුභ නැත. මේ පිළිබඳව ජාතික හෙළ උරුමය ලෙස අපගේ බලවත් කනස්සල්ල පළකරන අතර විපක්ෂ නායකගේ ප්‍රකාශය පිළිබඳව ගරු ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් විශේෂ අවධානය යොමු කළ යුතු අතර රටේ පාර්ලිමේන්තුව තුළත් පළාත් සභා තුළත් සිටින මහඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, ඇතුළු රටට ආදරය කරන දේශමාමක, ජාතිමාමක සියලු දෙනා අවදියෙන් සිටිය යුතු බව අප අවධාරණය කර සිටින අතර ෆෙඩරල්වාදය මුවාවෙන් හිස ඔසවන උතුරේ බෙදුම්වාදය මතවාදීවත් දේශපාලනිකවත් නෛතිකවත් පරාජය කිරීමට අප නොපැකිලෙන බව රටට හා ජාතියට අවධාරණය කර සිටිමු.

ස්තුතියි !

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
මාධ්‍ය ලේකම්
ජාතික හෙළ උරුමය

 

Related posts

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

colombotoday

කටුනායක ගුවන් තොටුපලෙන් අත්අඩංගුවට ගත් සැකකරු

Admin

“ග්ලයිෆොසෙට් අධිවිෂ රසායනයක් බව තහවුරුකර තිබියදී විද්වත් කමිටු පත් කිරීම විහිළුවක්” – මහාචාර්ය චන්න ජයසුමන

colombotoday

නිජබිම සංකල්පය මත ඉදිරිපත්වන නව ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ප්‍රතිපාදන 8ක් !

colombotoday

දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක්

colombotoday

ජාතිවාදය අවුස්සන අසාද් සාලිට එරෙහිව CIDයට පැමිණිල්ලක් !

colombotoday