Colombo Today Local News

16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු සංවිධායක ධූරවලින් ඉවත් කර අලුතින් සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද රාත්‍රීයේ පැවැති ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත මහතා කඩුවෙල සංවිධායක ධූරයෙන්ද , ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා රත්නපුර සංවිධායක ධූරයෙන්ද , අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටුගම්පොළ සංවිධායක ධූරයෙන්ද , ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හක්මන සංවිධායක ධූරයෙන්ද , චන්දීම වීරක්කොඩි මහතා හබරාදූව සංවිධායක ධූරයෙන්ද ඉවත් කර ඒ වෙනුවට අලුතින් සංවිධායකවරුන් හෙට (21) දිනයේදී පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන බල මණ්ඩල පිහිටුවා නොමැති බැවින් මෙසේ අලුතින් සංවිධායකවරුන් පත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

Related posts

විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ මීඩියාවලට

colombotoday

යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් ව නිදහස් කෙරේ

colombotoday

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් ?

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

colombotoday

“සිනොෆාම්” කොවිඩ් එන්නත අද දිවයිනට

colombotoday

පොල්ගෙඩි 1070 ක් සොරකම් කළ 13 හැවිරිදි සිසුවෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday