Colombo Today Local News

වන විනාශ සිදුවීමේ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ, සෝමාවතිය රක්ෂිතය, කින්නියා ප්‍රදේශය සහ වන්නි ප්‍රදේශය මෙන්ම දිවයිනේ හඳුනා ගත් ප්‍රදේශවල අදාල කඳවුරු ස්ථාපිත කිරීමට උපදෙස් දී ඇති බවයි.

විවිධ පිරිස් විසින් සිදු කරන වන විනාශයන් අවම කිරීමට යුද හමුදාවේ සහාය ලබා ගන්නා බව ද අමාත්‍යාංශය සදහන් කරයි.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්⁣ඨ ප්‍රකාශකයෙකු අප වෙත අදහස් දක්වමින් පැවසුවේ, වන විනාශයන් අවම කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි සියලු අංශ වෙත දැනුම් දී ඇති බවය.

Related posts

ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්

colombotoday

අධ්‍යාපන ඇමතිට මෙවර උසස් පෙළ විභාගයේ දින කියන්න බැරිවෙයි

Admin

වඳ දොස්තර CID භාරයට !

colombotoday

බැදුම්කර වාර්තාවෙන් ගැටළුවක් නෑ.. සියළු දෙවිවරු අපව ආරක්ෂා කරනවා – රවී කියයි

colombotoday

“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවී

colombotoday

“හමුදාපතිට නඩු දාන බවක් මා දන්නේවත් නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday