Colombo Today Local News

වරායේ තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 25ක්

ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කරගැනීමට නොහැකිව වරාය තුළ සිරවී තිබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 25 ක් ලබාදීමට මහ බැංකු අධිපතිවරයා අද (16)දින එකඟ වී තිබේ.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඩොලර් මිලියන 25 නිදහස් කිරීමේ කටයුතු හෙට (17) සිට ආරම්භ කිරීමට එකඟ වී ඇත.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් අතර ඊයේ වෙළද අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාව අතරතුරදී අමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ කරගනිමින් ඩොලර් මිලියන 25 ලබාගැනීමට කටයුතු කළේය.

එම සාකච්ඡාවට සහභාගි වූ ආනයනකරුවකු පැවසුවේ අමාත්‍යවරයා මැදිහත්වී ඩොලර් නිදහස් කිරීමට මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලීමක් කළ බවත් එම ඩොලර් ප්‍රමාණය ඉක්මනින් ලැබුනහොත් කන්ටේනර් නිදහස් කර ගැනීමේ අවස්ථාව ඇති බවයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල් පරිප්පු සීනි අර්තාපල් සහ ලොකු ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් දහසකට අධික ප්‍රමාණයක් කොළඹ වරාය තුළ සිර වී ඇති බවත් හැකි ඉක්මනින් ඩොලර් නිදහස් කළහොත් කන්ටේනර් නිදහස් කර ගැනීමේ හැකියාව ලැබෙන බවත් එම ප්‍රධාන ආනයන කරුවන් දුරටත් කීය.

Related posts

අනුකමිටුවේ නිර්දේශ කැබිනට් එකට යන්න පෙර ගුරු සමිති සාකච්ඡාවක් ඉල්ලයි

colombotoday

තෙල් පෝලිමක සිටි අයෙක් මරුට

colombotoday

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක්

Admin

සියල්ලට පෙර මන්ත්‍රීලාගේ ආරක්ෂාව තහවුරු කෙරේ… පාර්ලිමේන්තුවට මුඛ ආවරණ පන්දාහක් ඇනවුම් කරයි

colombotoday

රාජිතට කොරෝනා

colombotoday