Colombo Today Local News

‘අලුත් පරපුරට’ තඩි බෑ කමල් ඉන්දිකට ජනපතිගෙන් තෑගි.. සාලින්ද නෙරපා හිරියාල සංවිධායකකම දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ආසන සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඉවත් කර වයඹ පළාත්සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත.

ජනාධිපති සිරිසේන මහතා ප්‍රමුඛ යහපාලන රජය බලයට ගෙන ඒම සදහා දර දිය ඇද්ද ‘අලුත් පරපුර’ නමින් හදුන්වන සංවිධානය ජනාධිපතිවරණ සමයේදී ‘මුලාවෙන් මිදෙමු’ යන මැයෙන් කුරුණෑගල කුඹුක්ගැටේ නගරයේදී පැවැත්වූ රැළියකට පහරදීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූයේ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතාය.

මාධ්‍ය මගින් දැඩි ලෙස කතාබහට ලක්කළ එම පහරදීම ‘ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව’ කළ පහරදීමක් බවත්, එම සංස්කෘතිය වහාම වෙනස් කිරීමට යහපාලනය බලයට ගෙන ආයුතු බව පවසමින් මැතිවරණ අවස්ථාවේ, පැවති රාජපක්ෂ රජයට එරෙහිව ජනමතය ගොඩනැගීම සදහා යොදාගත් අතර යහපාලන රජය පත්වීමෙන් පසු පහරදීම සම්බන්ධයෙන් අදාළ පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද ගෙන තිබිණි.

කෙසේ වෙතත් අදාල පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැනගැනීම සදහා ‘අලුත් පරපුර’ සංවිධානයේ නිලධාරියෙකු සම්බන්ධ කරගැනීමට අප උත්සහා කළ අතර එවැනි අයෙක් සොයා ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් අලුත් පරපුරට සම්බන්ධ වී යහපාලනය බලයට ගෙන ඒ සදහා ක්‍රියාකාරීව කටයුතු කළ තරුණ කලා කරුවෙකු අප සමග පැවසුවේ, “යහපාලනය බලයට ගෙන ඒමට තමන් වෙහෙසුනේ ලැබුණු ගතමනාවට පමණක්ම නොවන බවත්, පැවති රාජපක්ෂ පාලනයේ දුර්වලතා මගහැර රටතුළ සැබෑ යහපාලනයක් ගොඩනැගීමේ චේතනාවද තමන්ට තිබූණු බැවින් බවත්ය. එහෙත් දැන් යහපාලන සිහින මාළිගාව හිස මත කඩා වැටී නන්නත්තාරව සිටින බවත් යහපාලනයට එරෙහිව පොල්ල අතට ගනීමට කාලය පැමිණ ඇති බවත්” ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

Admin

ආණ්ඩුව පෙරළා දමනවා – ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

colombotoday

මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් තොගයක් සොයාගනී

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපතිට ලක්ෂයක පඩියක්.. මාසෙට ඉන්ධන ලීටර් 225ක්.. ජනපතිගේ යෝජනාව සම්මතයි

colombotoday

බෙල්ලන්විල පෙරහරට මාර්ග රැසක් වැසෙයි… විකල්ප මාර්ග භාවිත කරන

Admin

“සර්“ ගැන සියළු තොරතුරු ජනපති අතේ.. පොලිස්පති ගැන තීන්දුවක් ගන්න සූදානම්

colombotoday