Colombo Today Local News

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

වර්ෂ 1980 දී පාකිස්තානයෙන් සොරකම් කර අමෙරිකාවට ගෙන ගිය මූර්තියක් අමෙරිකාව නැවත පාකිස්තානයට භාරදී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසට අයත් මෙම මූර්තියෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන නිරූපනය වන බවයි BBC වාර්තා කරන්නේ.

පැරණි බඩු අලෙවි කරන ජපන් ජාතික වෙළෙන්ඳෙකු පාකිස්තානයෙන් සොරකම් කර මෙය අමෙරිකාවට රැගෙන ගොස් තිබුණා. මෙම වෙළෙන්ඳා ඉකුත් අප්‍රේල් මාසයේදී සොරබඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර සම්බුදු සිරිපා සටහන නිරූපණය වන අදාළ මූර්තිය අමෙරිකානු ඩොලර් මිලියනකට අලෙවි කිරීමේ අපේක්ෂාවෙන් වෙන්දේසියකටද ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් විසින් එය වළක්වා මෙම මූර්තිය නැවත පාකිස්තානයට භාර දී තිබෙනවා.

Related posts

ඇමරිකා ගිය බැසිල් යළි දිවයිනට

colombotoday

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday

කොරෝනා ආසාධිත චීන කාන්තාව රට පුරා සංචාරය කරලා !

colombotoday

රට යළි විවෘත වන විට ඡන්දය තියන්න පුළුවන්. මැතිවරණ සිතියම හැකිලීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීමක්. – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

colombotoday

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරනවා – ශ්‍රී ලංකා ජනපති ජාතිය අමතමින් කියයි.

colombotoday