Colombo Today Local News

රට හදන්න අපිත් එක්ක එක්වන්න.. ජනපති සියළු පක්ෂවලට අඬගහයි

ශ්‍රී ලංකාව ගොඩගැනීමට මිත්‍ර පක්ෂ සමග සහයෝගයෙන් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමින් ක්‍රියා කිරීමට සියලු වාද බේද දුරලා නිර්මල පිවිතුරු හා යහපත් රටක් බිහි කිරීමට එක්වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරත් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව ණය බරින් ද අලාභ ලබන ආයතනවලින්ද මිරිකී සිටින බවයි.

ජනපති රැලිය අමතමින් මෙසේ පැවසීය.

‘අපි ශ්‍රමය පිළිබඳ කථා කරනකොට 18 වැනි සියවසේ කම්කරුවාගේ ශ්‍රමය අද තාක්ෂණයත් සමග බොහෝ වෙනස්කම්වලට පත්වී තිබෙනවා. වැඩකරන ජනතාව ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම අපේ ප්‍රධානතම වගකීමයි. යුරෝපා සංගමයට අපේ ධීවර මත්ස්‍ය අලෙවිය නැවත ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක වෙනවා. අද ලෝකයේ සියලු රාජ්‍යයන් කිසිදු භේදයක් නැතිව අපට උදව් කරනවා. ඒ නිසා අපි මේ රට ගොඩනගන්න සියලු රටවල සහාය ලබාගන්නවා. ලබන සතියේ පැවැත්වෙන ජී7 සමුළුව වෙනුවෙන් ලංකාවේ රාජ්‍ය නායකයාට ආරාධනා කර තිබෙනවා. එය පළමුවතාවට ලැබුණු ආරාධනයක්. දුප්පත්කම, දුගී භාවය මුලික වශයෙන්ම අපි ජයග්‍රහණය කළ යුතුයි. ඒ අනුව ජීවන තත්ත්වය උසස් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම අපි ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය අනුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් මිත්‍රශීලී පක්ෂ සමගින් මහජනතාවගේ යහපත සඳහා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වරප්‍රසාද ලබාදීම සඳහා අපි සැම විටම ක්‍රියා කරනවා. මේ රට ගොඩනගන්න ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනගන්න අපි කැපවෙලා කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අපේ වගකීමක් හා යුතුකමක්.

මේ රටේ වාද බේද අමතක කරලා දේශපාලන පක්ෂ භේද අමතක කරලා ආගම්, පක්ෂ, පාට ජාති කුල මල බේද නැතිව සියලු දෙනා එකතුවී මේ රට ගොඩනැගීම අවශ්‍යයි. මේ ගාලු පුරවරයේදී මේ රටේ සියලු දේශපාලන බලවේගවලට සියලු දෙනාට දෑත් ඔසවා ආරාධනා කරනවා මේ රට ගොඩනගන්න එකතුවෙන්න කියලා. සමගිය සුහදතාවය ඒකරාශීවීම අපට අවශ්‍යයි. අපේ අද ණය බර රුපියල් කෝටි 8,50,000 ක්. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සේවය මිහින් එයාර් ගුවන්සේවය වගේ පාඩුව කෝටි 8500ක්. මේ වගේ බරපතල තත්ත්වයන් එක්ක මේ රට ගොඩනගන්න ඉස්සරහට යන්න වාද බේද අමතක කරලා මුළු රට එකම සහෝදරත්වයෙන් ඉදිරියට ගෙන යන්න අපේ රට අපේ මාතෘ භූමිය කියන හැඟීමෙන් එකට එකතු වෙන්න ඕනෑ. අවුරුදු ගාණක සිට එන උතුරේ හඬ අපට පුරුදුයි. හතළිස් ගණන්වල, පනස් ගණන්වල, හැට ගණන්වලත් ෆෙඩරල් හඬක් ආවා. මේ හඬ නෙමෙයි ප්‍රශ්නයක් කර ගත යුත්තේ. ඒ ඇයි කියන කාරණය සොයා බැලිය යුතුයි. අපි සැම විටම ඒකීය රටක් විදියට රටට ආදරේ පිරිසක් විදියට ශක්තිමත් ජාතික සංහිඳියා පිළිවෙතක් අනුව වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දීලා ඉතා සුබ වාදී රටක් හදන්න සෑම කෙනෙක්ම එකට එකතු වෙන්න ඕනෑ. මේ පණිවිඩය රටට දෙන්න මේ වේදිකාව හදන්න මේ රැලිය වෙනුවෙන් ගාලු දිස්ත්‍රික්කයේ අපේ නායකයෝ ඇතුළු පිරිස විශාල සහයෝගයක් දීලා තිබෙනවා.

මේ මහා අව්ව ඉවසන්න බැරි අව්වේ ඒත් එක්කම ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවට මුහුණ දී මේ මැයි රැලිය සාර්ථක කරන්න ඔබ කළ කැපවීමට ස්තූතියි. ශ්‍රීලනිපය හැටියට ඉදිරි අනාගතයේදී මේ රටේ ආණ්ඩුවක් හදන්න එකට එකතුවිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මානවවාදී ලෙස ලෝකයේ විශිෂ්ට නායකයින් පිරිසිදු දේශපාලන ව්‍යාපාර ගෙනගියා. එදා කාල්මාක්ස්ලා එංගල්ස්ලා මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා එස්ඩබ්ආර්ඩී බණ්ඩාරනායක වගේ නායකයින් ගුණාත්මක පිරිසිදු දේශපාලනයක් ගැන ලෝකයට පණිවිඩයක් දී තිබෙනවා. මේ රට හොඳ රටක් විදියට ගොඩනගන්න හොඳ ආණ්ඩුවක් හදන්න පිරිසිදු ගුණාත්මක මානවවාදී ශිෂ්ටසම්පන්න දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. අනාගතයේදී ශ්‍රීලනිපය ජයග්‍රහණය සඳහා පැහැදිලි පිරිසිදු අවංක මානවවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න මේ මැයි රැලිය අද අඩිතාලම දැම්මා. තමුන්නාන්සේලා හෙළූ දහදිය දැනුම හා අවබෝධය දේශපාලන පරිණතභාවය ඔබ සෑම කෙනෙක්ම විශිෂ්ට කැපවීමක් කළා. ඔබ වෙනුවෙන් කළ හැකි සියලු පරිත්‍යාගයන් මාතෘ භූමිය වෙනුවෙන් මම ඉටු කරනවා. සියලු කැපවීම් නොබියම පරිත්‍යාගශීලීව ශ්‍රේෂ්ඨත්වය හා විශිෂ්ඨත්වය තුළින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රට ගොඩනගන ශක්තිමත් කරන ඒ සියලු ජනතාවට ජයවේවා.‘

Related posts

සෞඛ්‍ය වෘත්තියවේදීන් අදත් වර්ජනයේ… රෝගීන් දැඩි අපහසුතාවට

colombotoday

ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වුණා. තව ඇත්තේ ඊළාම කොඩිය සහ ඊළාම් රාජ්‍යය පිළිගැනීම පමණයි – මුසම්මිල්

colombotoday

‘අතිබහුතරයක් ජනතාව ඉන්නෙ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මේ රටට අවශ්‍යයි කියන ස්ථාවරයේ’ – සාගර කාරියවසම්

colombotoday

‘රත්මලානේ රොහා’ ගේ සමීපතමයින් දෙදෙනෙක් ඇතුළු 6ක් STF අත්අඩංගුවේ

colombotoday

ජාතික ආදායමෙන් 99%ක්ම ණය ගෙවන්න වෙන්වෙලා.. පුස්සො ලං වෙලා, ආණ්ඩුව දැන් හිර වෙලා !

colombotoday

අසාද් සාලිගේ කීම පිට ශානි අබේසේකර ත‍්‍රස්තවාදීන් මුදා හැරියාද…? වනාතාවිල්ලූවේ පුපුරන ද්‍රව්‍ය සහ පාස්කු ප‍්‍රහාරයේ සැලසුම

colombotoday