Colombo Today Local News

පොහොර කාර්යාලයේ අධ්‍යක්ෂ තනතුරින් පන්නයි

පොහොර බෙදා හැරීමේ කටයුතු අක්‍රමවත් වීම නිසා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජේ. ඊ. බී. රොෂාන් එම තනතුරින් ඊයේ (15)දින සිට ඉවත් කරනු ලැබ ඇත.

යල කන්නයට අවශ්‍ය පොහොර තොග නියමිත වේලාවට බෙදා හැරීමට අධ්‍යක්ෂවරයා කටයුතු නොකළ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ හේතුවෙන් අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

පෞද්ගලික සමාගම්වලින් ගෙන්වන ලද රසායනික පොහොර තොග කැලණිය සහ පෑලියගොඩ ගබඩාවල ගොඩගසා ඇති අයුරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පරීක්ෂාවට ලක් කළේ පෙරේදා (14) ය. නිසිපරිදි පොහොර තොග බෙදානොහැරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ තවත් නිලධාරීන් සම්බන්ධ බවත් ඇමැතිවරයා පැවැසීය.

පෞද්ගලික සමාගම් සඟවා තිබෙන පොහොර බෙදා හැරීමේ කටයුතු ඊයේ (15) දිනයේ සිට ආරම්භ කර තිබෙන බවත්, ඉදිරි දින දෙක තුළදී පොහොර තොග බෙදා හැරීම සිදු නොවුණ හොත් රජයේ පොහොර සමාගම් හරහා එම පොහොර තොග බෙදා හැරීමට කටයුතු කරන බවද මහින්දානන්ද අලුත්ගමගෙ වැඩිදුරටත් කීවේය.

Related posts

ගැබිණි පෝෂණ මල්ලට මොකද වුණෙ?

colombotoday

රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

colombotoday

පෞද්ගලික බස් රථ වලට ලංගමට අයත් ඩිපෝ වලින් ඉන්ධන

colombotoday

කළු, නිල්වලා සහ ගිං ඟගේ ජල මට්ටම ඉහළට : පහළ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

colombotoday

දැරිය ඝාතනය කළේ කොණ්ඩයාම ද? වැදගත් තොරතුරු සහෝදරයා හෙළි කරයි

colombotoday

විල්පත්තුව ගැන කතා කරන්නේ ජාතිවාදය ඇතිකිරීමේ කුමන්ත්‍රණයක් නිසායි – ඇමති රිෂාඩ් බදුර්දීන් කියයි

colombotoday