Colombo Today Local News

කොව්ඩ් වෛරස ව්‍යාප්තිය තවදුරටත් පොකුරු මට්ටමේ.. වෛරසය සමාජගතවෙලා නෑ.. – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්.

කොවිඩ් -19 වෛරසයට එරෙහිව භාවිත කිරීම සඳහා සාර්ථකම හා වඩා ආරක්ෂාකාරි එන්නතක් මෙරටට ගෙන්වීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය යන රටවල් සමග සාකච්ඡා පවත්වමින් සිටින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

“ඉතාමත්ම ආරක්ෂාකාරී එන්නතක් තමයි අපි ගේන්න බලාපොරොත්තුවෙන්නේ. තාම අපිට කියන්න බැරි කොයි එන්නත කවදා එනවද කියන එක විතරයි. අනෙක් කටයුතු සියල්ලක්ම සූදානම් වෙමින් පවතින්නේ.”

කොව්ඩ් -19 වෛරස ව්‍යාප්තිය තවදුරටත් පොකුරු මට්ටමේ පවතින අතර වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩි දුරටත් පැවසීය.

“ලංකාව දැනට ඉන්නේ පොකුරු තත්ත්වයේ. සියලු දෙනාම දන්නවා, බ්‍රැන්ඩික්ස් ආශ්‍රිතව පටන්ගෙන පෑලියගොඩ මාළු වෙළෙඳසැළට ඇවිල්ලා ඊට පස්සේ කොළඹ ප්‍රදේශවලට ආවා. දැන් අපි දකිනවා කොහේ හරි තැනක කේස් එකක් ආවාම පොකුරක් ඇති වෙනවා. අපි අවදානම් කලාපවලට ගිහිල්ලා මේ සාම්පල් කරන නිසා තමයි අපි මේ පොකුරු හොයා ගන්නේ. එහෙම අතහැරියා නම් තමයි මේක සමාජගත වෙන්නේ.”

Related posts

කුප්පියාවත්ත උණුසුම් වෙයි. පොලීසිය වෙඩි තබයි

colombotoday

දූෂණ වංචා අඩු කරන්න, මැති ඇමති වැටුප් දීමලා ලොකු ගාණකින් ඉහළට !

colombotoday

වහාබි, සලෆි, ඉහ්වාන් ත්‍රස්තයන්ට විරුද්ධව බොදු බල සේනා සුෆි මුස්ලිම් ප්‍රජාව සමග එක් වෙයි

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් නිලධාරීන්ට උසස්වීම්

Admin

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට

colombotoday

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බවට පුද්ගලයින් රවටා කළ ජාවාරමක් හෙළිවේ

colombotoday