Colombo Today Local News

විදුලි කර්මාන්තය ඩීසල් මාෆියාවේ උගලට හසු වෙලා.. මහජන උපයෝගිතා කොමිසම අනුමත කල ගිවිසුම රටට හෙලි කරන්න.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කල මෙගා වොට් 300 එල්. එන්.ජී විදුලි ගිවිසුම ඉතාම ඉක්මනින් රටට හෙලිකරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

එල්. එන්. ජී විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගියදා සිය අවසරය ලබා දෙන ලදී.

මෙම බලාගාරයෙන් විදුලිය අලෙවි කරන්නේ රුපියල් 14.75 කට බව ප්‍රකාශ කර තිබුණ ද බලගාරය සදහා එල්. එන්. ජී. සැපයීම ආරම්භ කරන තුරු විදුලිය ජනනය කරන්නේ ඩීසල් භාවිතා කරමින් බැවින් එය සැක සහිත බව රංජිත් විතානගේ මහතා පවසයි.

දැනට ඩීසල් භාවිත කරන විදුලි බලාගාර වලින් ලංවිම විදුලිය මිලදී ගන්නේ රුපියල් 23.00 සිට 65.00 දක්වා වු ඉහල මිල ගණන් වලට බවත් මෙම බාලාගාරයද එල්. එන්. ජී. බෝඩ්ලෑල්ලට මුවා වී ඩීසල් මිලට විදුලිය අලෙවිකිරීමේ සුදානමක් ඇතැයි සැක මතු මතුව ඇති බව ඔහු සදහන් කළේය.

බලාගාරය ආරම්භයේදී ඩීසල් වලින් විදුලිය ජනනය කරන බවට අප වෙත තොරතුරු ලැබී තිබෙනවා. ඩීසල් වලින් විදුලිය ජනනය කලද ලංකා විදුලි බල මණ්ඩලය ගෙවිය යුත්තේ ටෙන්ඩරයේ දී ඉදිරිපත් කල රුපියල් 14.85ක මිලට. ඒ බව සහතික කිරීමේ වගකීමෙන් මිදෙන්න ශ්‍රී ලංකාමහජන උපයෝගිතා සභාවට බැහැ. මොකද මෙම විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අනුමත කරල තියෙන්නේ එම කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුවවීම නිසා. එහෙනම් බලාගාරය ජනනය ආරම්භ කිරීමෙන් පස්සේ අවරුදු 20 පුරාම ඒකකය රුපියල් 14.95ට ලංවිම මිලදී ගත යුතුයි. ඊට වැඩි මිල ගණන් ගෙවනවනම් ඒක මේ විදුලි ගිවිසුම උල්ලංඝණය කිරීමක්. එවැනි තත්වයක් උද්ගත වුනොත් ඊට එරෙහිව නීති මගින් කටයුතු කීරීමට අප පසුබට වෙන්නේ නෑ.

මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කරන්නත් අපි පියවර ගන්නවා මේ බලාගාරයේ ටෙන්ඩරය පිරිනමා තියෙන්නේ ලක්දනවි සමාගමට. ලක්දනවි සමාගමටද කොටස් අයිතිය ඇති යුගදනවි බලාගාරය එක්ක මීට පෙර එලඹුන ගිවිසුම යටතේ ලංවිම විසින් විදුලිය මිලදී ගැනීමේ දී ගෙවන මිල ගණන් ඉහල ගිහින් තියෙනවා. ඒ මිල සමාලෝචනයට ද මෙතෙක් පියවර අරන් නෑ. මේ එල්. එන්. ජී. බලාගාර ගිවිසුම ද එවැනි උගුලක් නොවිය යුතුයි. එල්. එන්. ජී. මුවාවෙන් ඩීසල් බලාගාරයක් විදිහට ක්‍රියාත්මක වෙනවනම් ඉන් රටට වාසියක් අත්වන්නේ නැ. විදුලිබල කර්මාන්තය ඩීසල් මාෆියාවේ උගුලට හසු වී ඇති මේ අවස්ථාවේ මිලදී ගන්න විදුලියෙන් 35%කප්‍රමාණයක් ඩීසල් හා දැවිතෙල් මත පදනම් වෙච්ච බලාගාරවලින් මිලදී ගන්නවා. මේ බලාගාරවලින් මිලදී ගැනීම වලදී විදුලිය ඒකකයකට රුපියල් 26.00 සිට 65.00 දක්වා මිල ගණනක් ගෙවනවා.

මේ විදුලි ගිවිසුම් වලින් වැඩි සංඛ්‍යාවක් අමාත්‍ය මණ්ඩලයද නොමග යවමින් සාදව්‍ය මිල ගණන් පෙන්වා අනුමැතිය ලබාගත් විදුලි ගිවිසුම්. ලංකා විදුලි බලමණ්ඩලයේ මුල්‍ය පාඩුවට ප්‍රධාන හේතුව මෙම ඩීසල් බලාගාර වලින් අධික මිලට විදුලිය මිලදී ගැනීමයි. මෙවැනි වාතාරවරණයක් තුල එල්. එන්. ජී බලාගාරයක් ඉදිකිරීමට පියවර ගැනීම පැසසිය යුතුයි. එත් මේ බලාගාරය ඉදිකර ජනන කටයුතුආරම්භ කළ යුතු ව තිබුණේ 2019 වසරේදී. බලාගාරය ඉදිකිරීමට සමාගමක් තෝරාගැනීමේ ටෙන්ඩර් කටයුතු ආරම්භ කලේ 2016 වසරේදී. ටෙන්ඩර් කටයුතු අවසන් වුනේ 2020 වසරේදී. මේ ටෙන්ඩරයේ දී විවීධ අක්‍රමිකතා සිදු වුණා.ටෙන්ඩර් අක්‍රමිකතා හා ප්‍රමාදයට වග කියන්න ඕන ලංකා විදුලිබල මණ්ඩලය හා විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා. මේ අක්‍රමිකතා හා ප්‍රමාදයන් සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වෙලා නෑ. මේ එල් එන් ජීබලාගාරය ඉදිකිරීමේ ප්‍රමාදය නිසා අධික මිලට ඩීසල් විදුලිය මිලදී ගැනීමට සිදු වෙලා තියෙනවා. ඒ නිසා බලාගාරය ප්‍රමාද වීමෙන් වාර්ෂික පාඩුව රුපියල් කෝටි 1800ක්.

එල්. එන්. ජී බලාගාරය ප්‍රමාදයෙන් විදුලි පාරිභෝගිකයාට දරන්නට වෙලා තියෙන පාඩුව රුපියල් කෝටි 3600කට අධිකයි දැන් බලාගාරය ඉදිකරන්න සමාගමකට ටෙන්ඩරය පිරිනමා තියෙනවා. බලාගාරය ඉදිකර ජනන කටයුතු ආරම්භ කරන්න 2024 වෙනකොටත් කරන්න පුලුවන්ද සැකයි. එහෙම වුනොත් තවත් රුපියල් කෝටි 7200ක පමණ අමතර වැයබරක් විදුලි පාරිභෝගිකයාට දරන්නට සිද්ද වෙනවා. ඒඅනුව විදුලි බලාගාර ඉදිකිරීම ප්‍රමාද කරන නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු කියලා අප විශ්වාස කරනවා.

Related posts

කටුනායක ගුවන්තොටුපල වසාදැමේ !

colombotoday

විද්‍යා ඝාතනය නාවික හමුදාව පිට දාන්න සාක්කි දෙයි !

colombotoday

එල්.ටී.ටී.ඊ බෝම්බ බියෙන් ජනපති, හමුදාපති, ආරක්ෂක ලේකම් රට හැර ගියා.. අවසන් සති දෙකේ යුද්ධය කළේ මමයි – ජනපතිගෙන් අලුත් හෙළිදරව්වක්

colombotoday

සන්හිදියාවට බාදාවක් යැයි පවසමින් කිලිනොච්චියේ යුධ සැමරුමක් ඉවතට…!!

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචියට දුන් කාලය දීර්ඝ කරයි

Admin

කිරිපිටි මිල පාලනය සමාගම් අතට

Admin