Colombo Today Local News

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල නාගරික බල ප්‍රදේශයට අයත් කටුගොඩ තොරාගත් ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

කටුගොඩ කොරෝනා ආසාදිත රෝගින් 14 දෙනෙකු වාර්තාවීමත් සමග මාර්ග බාධක 03ක් යොදා සංචාරණ සීමා පැනවීමට කටයුතුකර ඇති බැව් ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර මහතා පැවසීය. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවසම් 07ක් සදහා සංචරණ සීමා පැනවීමට කටයුතු කරතිබුණි.

ගාල්ල මහනගරාධිපති ප්‍රියන්තසහබන්දු මහතා සදහන් කළේ පවතින තත්වය පිළිබද සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකොට දංගෙදර සමගිවත්තහි සංචරණ සීමා ලිහිල්කළ බවය.එමෙන්ම දේදුගොඩ ප්‍රදේශයේ දමා තිබු මාර්ග බාධකයක් ඉවත් කළ බවත්,මිලිද්දුව ප්‍රදේශයේ මාර්ගය වසා තිබු ස්ථානයක් තව ඉදිරියට ගත් බවද හෙතෙම පවසයි. දංගෙදර නැගෙනහිර ප්‍රදේශයට අයත් මොරගොඩ පාළම අසල දමා තිබු මාර්ග බාධකය වෙනස් කිරිමට ලක්කළ බවද නගරාධිපතිවරයා සදහන් කළේය.

මේ පිළිබද අදහස් දක්වමින් ගාල්ල නගරාධිපතිවරයා මෙසේද කිවේය.

“ගාල්ලට දැනට පනවා ඇති ග්‍රාම නිලධාරිවසම්වල සංචරණ සීමා මෙම මස 18 වැනිදින රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීමට යාම සදහා පැයක පමණ සහන කාලයක් ලබාදීලා තියෙනවා. දැනට මෙකී ප්‍රදේශවල මාර්ග බාධක 14ක් පමණ පොලිසිය මගින් දමා තියෙනවා.පොලිසිය හා සෞඛ්ය බලධාරින් සමග සාකච්ඡාකොට එවායේ පොඩි පොඩි වෙනස්කිරීම් කළා” යැයිද නගරාධිපතිවරයා පවසයි.

නොවැම්බර් මස 30 වැනිදින සිට ඊයේ (16) දින දක්වා ගාල්ලෙන් කොරෝනා ආසාදිත රෝගින් 117ක් දෙනෙකු වාර්තා වි ඇත.

Related posts

ජාජබ විරෝධයට තහනම් වූ මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර අවහිර වෙයි

Admin

මහින්ද මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලාවට

colombotoday

කොටින්ට විෂ දුන් කතාව බොරුවක් වෙයි.. හමුදාව නිර්දෝශියි

colombotoday

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි

colombotoday