Colombo Today Sports News

ගෝල් ග්ලැඩියේටර්ස් පරාජය කළ ජැෆ්නා ස්ටැලියන්ස් LPL ශූරතාවය දිනා ගනී

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) අවසන් තරඟයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක ජයක් ලැබීය.

ඒ අනුව, මංගල LPL තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළේය.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ෂොයිබ් මලික් ලකුණු 46ක් රැස් කළේය.

ඔහු පන්දු 35කදී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 3ක් සහ 6 පහර එකක් ඇතුළත් විය.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු 14කදී ලකුණු 39ක් රැස් කළේය.

ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 135කි.

Related posts

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා

colombotoday

ගුවන් ටිකට්පත් වෙන් කර දෙන්න බැරි වුණු බලධාරීන් නිසා ආසියානු පාපන්දු තරඟාවලිය ලංකාවට අහිමි වෙයි

colombotoday

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday

රංගන හේරත් කොදෙව්වන් දඟ කවයි. ලංකාවට ඉනිමක ජයක්.

colombotoday

ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවයි

colombotoday