Colombo Today Local News

සිංහරාජය අවට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට තීරණයක්

සිංහරාජ වනාන්තරය අවට දැනට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක,වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ, එවැනි ඉඩම් හෙක්ටෙයාර් 400ක් පමණ ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

මෙම ඉඩම්වල වන ගහනය පැවතිය ද ඒවා පෞද්ගලික ඉඩම් හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනත අනුව ඒවායේ සිදුවන වන විනාශයන් වැළැක්වීමට දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නොමැති බව ද ඔහු කියා සිටියේය.

නිශාන්ත එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම ඉඩම් පවරා ගැනීමත් සමග සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වන බවයි.

Related posts

කැවුම් බදින ජනපති සිරිසේන

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

අස්වැසුම ගැන ලැබුණු අභියාචනා විමර්ශනයට පියවර

Admin

ආනයනික පොල් තෙල් වර්ග රැසක් කෑමට තියා ඇගේ ගාන්නවත් සුදුසු නෑ – පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති

colombotoday

ජාතික ආරක්ෂාව යළිත් වන්නි අවසන් මෙහෙයුමේ රණවිරු බලඇණියට

colombotoday

නව ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධ විපක්ෂය මිරිහානේදී තීන්දුවක් ගනී !

colombotoday