World

රාවුල් කැස්ත්‍රෝ තරුණ පරම්පරාවට ඉඩ දෙමින් කොමියුනිස්ට් පක්ෂ නායකත්වයට සමු දෙයි

කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව රාවුල් කැස්ත්‍රෝ ප්‍රකාශ කර තිබේ.

පක්ෂයේ කොංග්‍රස් මණ්ඩලය අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම නායකත්වය තරුණ පරම්පරාවට භාරදිමට තමා සූදානම් බවය.

ඒ අනුව 1959 සිට දශක 06ක පමණ කාලයක් කැස්ත්‍රෝ පවුලට හිමිව තිබූ කොමියුනිස්ට් පක්ෂ නායකත්වය වෙනත් පාර්ශවයකට හිමි වනු ඇති.

දින 04ක් පුරා පැවැත්වෙන කොංග්‍රස් රැස්විමේදී ඡන්ද විමසීමක් මගින් නව නායකයා තෝරා ගැනීමට නියමිතය.

කියුබානු හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ සොහොයුරා වන රාවුල් කැස්ත්‍රෝ 89 හැවිරිදි වියේ පසු වේ.

Related posts

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin

පාකිස්තාන ගුවන් සේවය විකිනීමට සූදානමක්

Admin

ඉන්දියාවේ ආදාහනය කර ගත නොහැකි භූමදානයට ඉඩ නැති මළ සිරුරු ගංගා නදියේ පාවෙයි

colombotoday

කොරෝනා සුව වූවන්ට වැළදෙන සුව කරන්න බැරි ලෙඩක් | වෛද්‍ය විශේෂඥයින්ගේ අලුත්ම සොයගැනීම

colombotoday

රුසියාවෙන් එක් දිනකදී පමණක් මිසයිල ප්‍රහාර 90ක් – යුක්‍රේන ජනපති

Admin

ඉන්දියාවේ මියගිය මුස්ලිම් ජාතිකයෙකුගේ සිරුර භුමිදානයට ඉඩ නොදී ආදාහනය කරයි.

colombotoday