Colombo Today Local News

අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ ගිනි අවියක් සමග උණ්ඩ

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අසාද් සාලි මහතා ඊයේ (16)දින කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අතර ඔහුගේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන පරික්ෂා කිරීමේදී එහි තිබී මෙම ගිනි අවි සහ උණ්ඩ සොයාගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් අසාත් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

Related posts

අභිරහස් ලෙස මියගිය අවුරුදු 25 ක සද්ධන්තයා

colombotoday

මෙරට කතුන්ට ජපානයේ රැකියා අවස්ථා

colombotoday

අන්තර්ජාලයෙන් ගණිකා වෙළඳාම කළ Lanka-Ads නැවතුනේ මෙහෙමයි.

colombotoday

පසුගිය ආණ්ඩුව දුන් දේ මේ ආණ්ඩුව නැවත ගනී !!

colombotoday

බදියුදීන් අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් ආණ්ඩුව දීලා නෑ. දැන් පොලිසිය ස්වාධීනයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

colombotoday

බස්රථ සහ දුම්රිය ගමන් වාර ඉහළට

colombotoday