Colombo Today Local News

විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට තීරණයක්

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් පිහිටි ශ්‍රී ලංකා කොන්සල්ජනරල් කාර්යාලය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය වසා දැමීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සේවා අවශ්‍යතා සහ දැරීමට සිදුවන වියදම් පිළිබඳ අවධානය යොමු කර, මෙම තීරණය ගත් බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ අනුව, නයිජිරියානු තානාපතිවරයා බුරුම රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත අතර සයිප්‍රසයේ කොන්සල් ජනරල්වරයා මේ වන විටත් මෙරටට පැමිණ ඇතැයි වාර්තාවේ.

Related posts

දෙහිවල මුස්ලම් ජාතික පවුලක් පිලිස්සී මිය යයි

colombotoday

තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්

Admin

බෞද්ධ සමාජයට, සිංහලයන්ට අත්වෙන ඉරණම ගැන කණගාටුයි – රාමාඤ්ඤ මහා සංඝ සභාව

colombotoday

කොරෝනාවෙන් පීඩාවට පත් ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට මහ බැංකුවේ අනුමැතිය

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday

මොහු දුටුවොත් පොලිසියට කියන්න

Admin