Colombo Today Local News

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිස්ව පවතින ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩ මහතාගේ නම ගැසට් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා සිය ධූරයෙන් ඉල්ලා අස්වී මහ බැංකුවේ අධිපති ධූරය භාරගැනීම හේතුවෙන් මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය හිස්විය.

පසුව ඉකුත් 13 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා එම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය සඳහා ජයන්ත කැටගොඩ මහතාගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපිලේඛන භාරදීමට පියවර ගෙන තිබුණි.

Related posts

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න ඥාතීන්ට යළි අවස්ථාව

Admin

පාස්කු කොමිෂන් වාර්තාව මහ නාහිමිවරුන්ට

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය ඇනහිටී

Admin

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday

ගෝඨාගේ ජයට අබමල් රේණුවකින්වත් ශ්‍රීලනිපය හානි කරන්නේ නෑ. තිලංග සුමතිපාල

colombotoday

නීතිවිරෝධීව මුදල් තොගයක් ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායකදී මාට්ටු

colombotoday