Colombo Today Local News

මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර මුස්ලිම් පල්ලිවලට යවයි

kabhir 2311

සොබාදහම ජාති ආගම් බේදයකින් තොරව සැමටම එකලෙස සැලකුවත්, හදිසි ස්වභාවික ආපාදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේදී මෙරට මුස්ලිම් දේශපාලකයන් සහ සංවිධාන සිය සුපුරුදු ජාතිවාදී ස්වභාවය ඉස්මතු කරමින් ක්‍රියාකළ සිදුවීම් කිහිපයක් වාර්තා විය.

මාවනැල්ල අරණායක සාමසර කන්ද නාය යෑමේ ඛේදවාචකයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සදහා මාවනැල්ල, කෑගල්ල අවට ප්‍රදේශවාසීන් දේශපාලන, ජාති, ආගම් බේදයකින් තොරව මහත් කැපවීමෙන් වෙහෙසෙනු දක්නට ලැබිණි. එහෙත් මාවනැල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සහ කෑගල්ල දිස්ත්‍රික් එජාප නායකයා වන අමාත්‍ය කබීර් හෂීම් ඒ පිළිබදව කිසිදු අවධානයක් යොමු කර නැති අතර ඔහුගේ මූලිකත්වයෙන් මාවනැල්ල, කෑගල්ල වෙළද ප්‍රජාවගෙන් එකතු කරගත් ආධාර ද්‍රව්‍ය සිය ආසනයට යාබද අරණායක විපතට පත් ජනතාවට නොදී කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව සිදු කරන අවතැන් වූ මුස්ලිම් ජනතාවට සහන සැලසිමේ වැඩසටහන් සදහා යොමු කර ඇත.

මේ අතර තව්හීද් ජමාත් නමැති ඉස්ලාමීය සංවිධානය කොළඹ ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කළ අතර එහිදී ඔවුන් මුස්ලිම් ජනතාව පමණක් තෝරාබේරා ගනිමින් සහන සැලසීමට වගබලාගෙන ඇත. වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ගංවතුරට කොටුවී සිටි සිංහල පවුල් කිහිපයක් මගහැර මුස්ලිම් ජාතිකයන් පමණක් බේරාගැනීමට කටයුතු කර ඇති අතර එහිදී එම බෝට්ටු තමන් භාරයට ගත් වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් එම පවුල් කිහිපය මුදා ගැනීමට කටයුතු කර ඇත.

රට පුරා පීඩාවට පත්ව සිටින ජනතාව ජාති ආගම් බේදයකින් තොරව එකිනෙකාට උපකාර කරගනිද්දී මුස්ලිම් නායකයන් සහ සංවිධාන මෙලෙස ජාතිවාදීව හැසිරීම ලැජ්ජාසහගත වන අතර විශේෂයෙන් රජයේ ඇමතිවරයෙක්, සහ මහජන නියෝජිතයෙක් තම ප්‍රදේශයේ අසල්වැසි ප්‍රජාවට පිටුපා, මනුෂ්‍යත්වයට පෙර ජාතිවාදයට මුල්තැන දී කටයුතු කිරීම මනුෂ්‍යත්වය අගයන කාගෙත් පිළිකුලට ලක්වනවා නොඅනුමානය.

නිලාන් සමරවිර

Related posts

සත්තු වත්ත, සීගිරිය නොමිළේ.. බදු ගෙවන අයට ලැබෙන වරප්‍රසාද මෙන්න (Video)

colombotoday

කොටි ක්ලේමෝ බළකායේ අබ්දුල් ෂලීම් ඇතුළු ත්‍රස්තවාදීන් 6කට වසර 56ක සිර දඩුවම් නියම වේ

colombotoday

ඇමති ජෝන්ට සූර් වී මාධ්‍ය හමුව අවලංගු කරයි

colombotoday

ජාතික කොඩිය විකෘති කර කොළඹ පුරා කටවුට්‌.. “උරුම හුවමාරුවෙන්” උරුමය නැසෙයි!

colombotoday

22 විවාදයට ලබන සතියේ දින දෙකක්

colombotoday

ඉන්දියාවේ විමුක්ති දිවියා සංවිධානය විග්නේශ්වරන් සමග වෙනම රාජ්‍යයක් හදන්න යාපනයට පැමිණෙයි

colombotoday