Colombo Today Local News

“ලැජ්ජා සහගත පත්වීමක් කරන්න ‘යහපාලන රජයට’ කැතක්, පිළිකුලක් නැතිද?” CAFFE

cafee2

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට අතිරේක ලේකම් තනතුරක් ප්‍රධානය කිරීම සම්බන්ධව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සිය විරෝධය පළ කරයි.

එම සංවිධානය පවසන්නේ අනූෂ පැල්පිට මහතා නඩුවක චූදිතයෙක් බවත්, ඔහුව රජයේ තනතුරකට පත්කිරීම මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බවත්ය.

අනුෂ පැල්පිට ගේ පත්වීම

2015 ජනාධිපතිවරණයේ කොල්ලකාරි බව අමු නිරුවතින් රඟ දැක්වූ අනූෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කිරීම කැෆේ සංවිධානය හෙළා දකී.

අනූෂ පැල්පිට යනු රුපියල් මිලියන 600 ක සිල් රෙදි නඩුවේ චූදිතයින් ගෙන් කෙනෙකි. 2015 මැතිවරණයේ සිදු වූ නින්දිතම, බලපෑම්කාරීම සහ වැඩිම අවධානයට යොමු වූ මහජන දේපල අයථා පරිහරණය යි.

මෙම පත්වීම තුලින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා ඇත්තේ තමන්ගේ ලැජ්ජා නැතිකම පමණක් නොවේ. පරිපාලන හා මුල්‍ය රෙගුලාසි නෙතකා ‘හොරුන් බේරාගන්නට‘ අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයට ඇති කැපවීමයි. මෙම නඩුවේ චෝදනා ගොනු කිරීමේ දී චූදිතයින් බේරා ගැනීමට එල්ල වූ දේශපාලන බලපෑම් පිළිබදව ද අප සංවිධානය හොදින් දැනුවත්ය.

ජනාධිපති සහ අගමැතිවරයාගෙන් කැෆේ සංවිධානය විමසන්නේ මෙවැනි ලැජ්ජා සහගත පත්වීමක් කරන්නට ‘යහපාලන රජයට‘ කැතක්, පිළිකුලක් නැතිද? යන්න පමණී.

මාධ්‍ය ඒකකය
කැෆේ සංවිධානය
2016 මැයි 24

Related posts

විශ්වාසභංග විවාදය පැය 12 ක්

colombotoday

දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

colombotoday

මරණ පුච්චන එක පාප කර්මයක්. අපේ රට ගත්තේ අන්තවාදී තීන්දුවක්. | සජිත් ප්‍රේමදාස මුස්ලිම් මරණවලට විශේෂයක් කරන්නැයි ඉල්ලයි.

colombotoday

බිලියන 2.5ක් වන්දි ඉල්ලා ඇවන්ගාර්ඩ් නඩු දමයි !

colombotoday

දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday