Colombo Today Local News

“විප්ලවකාරී වෙනසක් කළා.. රට දැන් සංවර්ධන මාවතේ” – ජනපති ජී7 අමතයි

g7my3gමෙවර පැවැත්වෙන ජී 7 සමුළුවෙන් අප වැනි රටවල් කෙරෙහි අවධානය යොමුකරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් එමරටවල ගැටලූ වලට බරපතළ අවධානයක් යොමු කරනු ඇති බවත් තමා බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එසේවන්නේනම් මෙම සමුළුවට පැමිණීම සීමා වලින් ඔබ්බට ගොස් සැබෑ ප්‍රතිලාභ ළඟා කරගැනීමට මහෝපකාරි වනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසුයේ ජපානයේ පැවැත්වෙන ලෝක නායකයින්ගේ ජී 7 සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

ජී 7 සමුළුවට සමගාමීව පැවැත්වෙන මෙම සමුළුවට අරාධනා කිරීම පිලිබඳ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාට පළමුව මාගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමි.

ආසියාවේ ආර්ථීක සංවර්ධනය හැසිරවීමට සහ යහපැවැත්ම තිරසාර කිරීමට අවශ්‍ය වන්නේ කුමක් ද යන්න මෙම සමුළුවට ශ්‍රී ලංකාව සහභාගි වීමෙන් පැහැදිලි වන බව ජපාන අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයෙන් ඉස්මතු කෙරෙන බව මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවට මෙම සමුළුව සඳහා ආරාධනා කිරීමට හේතුවූ කරුණු ද මෙයින් පිළිඹිබු වෙනවා. අප මෙහි ගෙන්වීමට ජපාන අග්‍රාමාත්‍යවරයාට තිබෙන හේතුව ද මෙයින් පැහැදිලි වෙනවා.

2016 සමගාමී සමුළුවේ තේමාව ආසියාවේ තිරසාරබව හා ආර්ථීක සෞභාග්‍යයයි. වසර 30 ට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදය මගේ රටේ ආර්ථීකය පහළ හෙළීමට හේතු වුණා.

තිරසාරබව සහ සෞභාග්‍ය රඳාපවතින්නේ අවස්ථා, දේශපාලනික හා සංවර්ධන පරිසරය, අතිවිශාල මහජන ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දීම යහපාලනය, නිදහස සඳහා වු මානසික අවශ්‍යතාව හා පීඩාකාරී තත්වයන්හි දී රැකවරණය සැලසීම යනාදිය මතය.
පාලනයේ විප්ලවකාරී වෙනසක් සමගින් සජිවී සංවර්ධනයක් සහිත පරිසරයක් හා විවිධ මුහුණුවරින් යුතු සමාජයක සංහිඳියාව සඳහා මාර්ගයක් නිර්මාණය කිරීමට මගේ රජයට හැකිවී තිබෙනවා.

දැන් ජනතාව නිදහස්. ඔවුන් මානව අයිතිවාසිකම් වලට ගරු කරනවා. අප නිර්මාණය කළ වෙනස ජී 7 රටවල් විසින් අගය කොට ඇත්තේ කෙසේද යන්න පිලිබඳව මම දන්නවා. මේ වෙනස ජනතාව ඇති කළේ 2015 ජනවාරි හා අගොස්තු මාස වල පැවැති මැතිවරණ වලදීයි. තිරසාරබව හා සෞභාග්‍යයට අහිතකර නාස්තිය, දූෂණය හා එවන් වැරදි ක්‍රියා පිලිබඳව ජනතාවගේ විරෝධය එමගින් ප්‍රදර්ශනය වෙනවා. තිරසාරබවට හා සෞභාග්‍යය සඳහා වු යන්ත්‍රණයන් වන ප්‍රාග්ධනය ගලා ඒම හා ආයෝජනයන් මෙමගින් හීන කරනු ලැබුවා.

තිරසාරබව නිර්මාණය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන රටේ ප්‍රධාන ප්‍රතිවාදී දේශපාලන පක්ෂ දෙකක් එක්කරමින් මගේ ජනාධිපතීත්වය යටතේ අපි ජාතික සමගි ආණ්ඩුවක් පිහිටවනු ලැබුවා. වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට නොදිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවසන ලද බලතල හැරුණු කොට මගේ විධායක බලතල වලින් බොහෝමයක් අප රජය විසින් හඳුන්වා දෙනු ලැබු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පවරනු ලැබුවා. එය ප්‍රජාතන්ත්‍රවාදයේ උච්චතම අවස්ථාවක්.

විනිවිදභාවය, වගවීම, නීතියේ ආධිපත්‍ය හා දූෂණය අතුගා දැමීම සඳහා වූ මගේ ස්ථීර අධිෂ්ඨානය විදහා දැක්වීමත් ලෙස, සොරකම් කරන ලද රාජ්‍ය වත්කම් පිලිබඳ විමර්ෂණය කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපනය කළා. අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂණය සඳහා කොමිසමක් පත් කළා. එමෙන්ම මහා පරිමාණයේ මූල්‍ය වංචා විමර්ෂණය කිරීමට පොලීසිය තුළ මූල්‍ය අපරාධ විමර්ශණ අංශයක් ස්ථාපිත කළා.

දූෂණය හා වෙනස් කොට සැලකීම් යන කාරණා දේශපාලන ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනයට හා ආයෝජන පලවා හැරීම් සඳහා උපයෝගි වූ අතර එතුළින් අස්ථාවර ආර්ථීකයක් නිර්මාණය විය. ඒ නිසා අපගේ ක්‍රියාවන් ස්ථාවරත්වය හා සමෘද්ධිය ශක්තිමත් කරනු ඇත.
යම් විධායක බලතළ අත්හැරීමට අමතරව මම රාජ්‍ය සේවා මානව හිමිකම්, පොලිස්, මැතිවරණ, සීමා නිර්ණය හා මුල්‍ය කටයුතු සඳහා ස්වාධින කොමිෂන් සභා නැවත පිහිටවනු ලදි.

මම එක්සත් ජාතීන්ගේ මහා සභාවේදී සඳහන් කළ පරිදි සංහිඳියාව පිලිබඳව අවධානය යොමු කිරීමට සියලූ දෙනා සමග පුළුල් සාකච්ඡා මත පදනම්ව සත්‍ය ගවේෂණයට, සාධාරණත්වය උදාකරලීමට මෙවැනි තත්වයන් නැවත ඇතිනොවීමට ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත.

මම මාගේ රටේ ආර්ථීකය සංවර්ධනය කිරීම සඳහා සහ යුද සමයේදී මාගේ දේශයට සාමය ගෙන ඒම සඳහා පසුගිය දශක කිහිපය තුළ ජපන් රජය හා ජපන් ජනතාව දක්වන ලද සහය සඳහා මාගේ ගෞරවය ඔවුන්ට පුද කරනු කැමැත්තෙමි. අපගේ පුළුල් සංවර්ධන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තරමේ මුල්‍ය ප්‍රතිපාදන නොමැති අතර එම නිසා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දියුණු රටවල බහු පාර්ශ්වික හා ද්විපාර්ශවික ආයෝජකයින් අවශ්‍ය වී ඇත.

අද මම ඔබට කථාකරන මේ අවස්ථාවේදී ද ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ගංවතුර සහ නායයෑම් ව්‍යසනයන්ට මුහුණ දී යථා තත්වයට පත්වෙමින් සිටිනවා. ක්ෂණිකවම, රටවල් කිහිපයක් අපගේ ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයේ දී උදව් කරනු ලැබුවා. අපි ඔවුන්ට ස්තුතිවන්ත වන අතර ව්‍යසනය දරුණු මට්ටමේ පවතින බැවින් ඒ සඳහා තවදුරටත් සහය අපේකෂා කරනවා.
ඒ නිසා මෙවර පැවැත්වෙන ජී 7 සමුළුව මේ සියලූ ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කොට අප වැනි රටවල් කෙරෙහි අවධානය යොමුකරනු ඇතැයි මම විශ්වාස කරමි. අපගේ ගැටලූ වලට බරපතළ අවධානයක් යොමු කරනු ලැබේ නම් මට ඔබගේ ආරාධනය සීමා වලින් ඔබ්බට ගොස් සැබෑ ප්‍රතිලාභ ළඟා කරගැනීමට මහෝපකාරි වනු ඇත.

මෙම සැසිවාරයේදී ජී 7 රටවල රාජ්‍ය නායකයින් හා අනෙක් රටවල ප්‍රධානීන් විසින් පෙන්නුම් කළ මිත්‍රත්වය හා අවබෝධය මා ඉතා ඉහළින් අගය කරනවා.

අවසාන වශයෙන් මා සහ මාගේ නියෝජිත පිරිස සඳහා ලබා දී ඇති උණුසුම් ආගන්තුක සත්කාර සඳහා සංවිධායකයින්ට ස්තුති කරන අතරතුර මෙම සමුළුව තුළින් ලැබෙන ප්‍රතිඵලයන් බෙහෙවින් සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරමි.

Related posts

Video – මම යද්දී ලේ විලක් මැද දරුවව අත් දෙකේ තියාගෙන හිටියා

colombotoday

යල කන්නයේ පොහොර මිලදී ගැනීමට ගොවීන්ට වවුචර් නිකුත් කිරීම අද සිට..

Admin

“2020 වනතුරු ඉන්න… වැට් බද්ද 2%කින් අඩු කරනවා“ – මුදල් ඇමති

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday

අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !

colombotoday

රනිල් පිලත් සජිත් පිලත් අතහැර දේශපාලනයෙන් සමු ගන්නා රෝසි

colombotoday