Covid 19

දෛනික කොවිඩ් ආසාදිතයින් වැඩිම ගණන කොළඹින්.

ඊයේ (17) දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 763ක් වාර්තා වී තිබේ. එයින් 14 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ.

දේශීයව හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 749 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ඒ 241ක් ලෙසය.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 210ක් වාර්තා වු බවය.

මීට අමතරව මාතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 41ක් වාර්තා වී ඇති අතර, ආසාදිතයින් 257 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 53,075ක් වන අතර, 45,170ක් පුර්ණ සුවය ලබා තිබේ.

ඊයේ දිනයේ දී මෙරට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 15,218කි.

Related posts

කොවිඩ් ආසාදිතයින් 638ක්

colombotoday

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

colombotoday

අදත් කොවිඩ් ආසාදිතයින් 3,414ක් | මරණ සංඛ්‍යාව 160 ඉක්මවයි

colombotoday

පූර්ණ එන්නත ලබා ගත් අයට වෛරසය අසාදනය වුවත් ඉක්මනින් හොදවෙනවා. | ජර්මානු විද්‍යාඥයින් පර්යේෂණයකින් සොයාගනියි.

colombotoday

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

කොවිඩ් ආසාදිත 283ක් හදුනා ගනී

colombotoday