Colombo Today Local News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අධි චෝදනා.

මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට අද (18)දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ එම අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවිය.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගන ඔවුන්ගේ පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින් වෙත භාර දී තිබෙන ලේඛනවල අඩුපාඩු තිබේ දැයි සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා ඒ පිළිබඳව සලකා බැලීම සඳහා නඩුව අප්‍රේල් මස 22 ද කැඳවන ලෙස නියම කළේය.

Related posts

ජනපතිට – අගමැතිට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි

colombotoday

තෙල් අර්බුධය සමයේ තිලිණි ප්‍රියමාලි කළ ඩොලර් වංචා එළියට

colombotoday

හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල 600 ක් තෙලියාගොන්න මුස්ලිම් ගම්මානයේදී අත්අඩංගුවට…

colombotoday

ISIS නායකයා ඝාතනය කිරීම ගැන රාජපක්ෂලා එක වචනයක් කතා කරන්නෑ… මම ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සමගයි !

colombotoday

මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළට – මහ බැංකු අධිපති

colombotoday

ශ්‍රීලංකන් ඇතුළු ආයතන කිහිපයක් ලබන සතියේ කෝප් කමිටුවට කැඳවයි

Admin