Colombo Today Local News

රන්ජන්ව පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි.

වසර හතරක බරපතළ සිර දඩුවම් ලැබ සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට අවස්ථාව දෙන ලෙස සමගි ජන බලවේගය කතානායකවරයාගෙන් අද(18)දින ඉල්ලීමක් කළේය.

ඉහත ඉල්ලීම කථානායකවරයාගෙන් කරනු ලැබුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීම අතරතුරය.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් මෙහිදී කතානායකවරයා වෙත දිගින් දිගටම කරුණු ඉදිරිපත් කර ඇත.

රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු පැමිණීමට ව්‍යවස්ථානුකූලව කිසිදු බාධාවක් නොමැති බව එහිදී කථානායකවරයා වෙත පෙන්වා දුන් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ප්‍රේමලාල් ජයසේකර මහතාගේ සිද්ධියේදී ඔහුට පාර්ලිමේන්තු ලබාදීමට කතානායකවරයා අවසර ලබා දුන් ආකාරයට රන්ජන් රාමනායක මහතාට අවසර ලබාදෙන ලෙසද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු සැසිවාරයේදී කරුණු දක්වන බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

colombotoday

20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවන්නැයි GMOA ඉල්ලයි

colombotoday

රාජිත ඇප මත නිදහස්

colombotoday

මීතොටමුල්ලේ මියගිය අයෙකුට වන්දිය රුපියල් ලක්ෂයයි.. මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

දැදුරුඔය පහත්බිම් ප්‍රදේශවල අයට අනතුරු ඇඟවීමක්

Admin

විදෙස් ගමන් බලපත්‍ර 28ක් සමග මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday