Colombo Today Local News

ලංකාවෙන් සොරකම් කල 18 වැනි ශත වර්ෂයට අයත් බුද්ධ ප්‍රතිමා දෙකක් යලි භාරදෙයි

ශ්‍රී ලංකාවෙන් සොරකම් කරන ලද 18 වැනි ශත වර්ෂයට අයත් යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමා දෙකක් එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට භාරදී තිබේ.

මෑන්හැටන් දිස්ත්‍රික්කයේ නීතිපතිවරයාගේ උපදෙස් මත කෙරුණු අපරාධ පරීක්ෂණයේදී මෙම ඓතිහාසික වටිනාකමක් සහිත බුද්ධ ප්‍රතිමා දෙක සහ තවත් පුරාවස්තු හා කලා කෘති 2500ක් පමණ සොයාගෙන තිබේ.

අදාළ පුරාවස්තු ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, කාම්බෝජය, තායිලන්තය, ඉන්දුනීසියාව, නේපාලය, ඇතුළු ආසියානු කලාපයේ රටවලට අයත් යැයි සැලකේ. මෙම පුරාවස්තු තොගයේ සමස්ත වටිනාකම ​ඩොලර් මිලියන 143ක් ලෙස ගණන් බලා ඇත.

මෙම පුරාවස්තු තොගය ශ්‍රී ලංකාවට අයත් බුද්ධ ප්‍රතිමා දෙක නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් සහ එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකික තානාපති කණ්ඩායම වෙත නිල වශයෙන් භාරදීම පසුගියදා සිදුකෙරිණි.

Related posts

දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දෙනවා – අධිකරණ ඇමති කියයි

Admin

ජිනීවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනු – විපක්ෂනායක සම්බන්ධන් රජයට කියයි

colombotoday

පාස්කු කොමිසමෙන් හිටපු ජනපති ,රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට අපරාධ නඩු පවරන්නැයි නිර්දේශ

colombotoday

ජනක රත්නායක – සුගත් ධර්මකීර්ති මානව හිමිකම් කොමිසමට

Admin

සමාජ මාධ්‍ය, වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය හා අපහාසාත්මක තොරතුරු පළකලොත් වැඩ වරදී – කැබිනට් තීරණය මෙන්න

colombotoday

චන්ද්‍රිකා – මහින්ද අමරවීර, සියඹලාපිටිය, අලගියවන්න ඇතුළු 8කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

Admin