World

අයිස්ක්‍රීම් වලිනුත් කොරෝනා වෛරසය හමුවෙයි.

තම රටේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් වර්ගයක් කොරෝනා වෛරසයෙන් දූෂ්‍ය තත්ත්වයට පත්ව ඇති බව චීන සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ අන්දමට දූෂ්‍ය තත්ත්වයට පත්ව තිබෙන අයිස්ක්‍රීම් සොයාගෙන තිබෙන්නේ ඊසාන දිග චීනයේ ටියැන්ජින්හි සෞඛ්‍ය බලධාරීන්ය. කිසියම් සමාගමක් නිෂ්පාදනය කළ අයිස්ක්‍රීම් තොගයකින් පෙට්ටි තුනක සාම්පලයක් පරික්ෂා කිරීමේදී මේ බව තහවුරුව තිබේ.

දූෂ්‍ය තත්ත්වයට පත් වී ඇතැයි සඳහන් අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා යොදාගෙන තිබෙන්නේ යුක්‍රේනයෙන් ගෙන්වන ලද කිරිපිටි සහ නවසීලන්තයෙන් ගෙන්වන ලද මෝරුය.

චීන සෞඛ්‍ය බලධාරීන් පවසන අන්දමට එම සමාගම නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් පෙට්ටි 4836කින් අයිස්ක්‍රීම් පෙට්ටි 2089කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට සීල් තබා ඇත. නිෂ්පාදිත අයිස්ක්‍රීම් තොගයෙන් පෙට්ටි 1812ක් පමණ චීනයේ සෙසු පළාත් වෙත බෙදා හැර ඇති බව ‘චයිනා ඩේලි’ පුවත් සේවය වාර්තා කරයි.

එයින් පෙට්ටි 935ක් පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබුණු බවත් සඳහන් වේ. අයිස්ක්‍රීම් පෙට්ටි 65කට ආසන්න සංඛ්‍යාවක් පාරිභෝගිකයා අතට පත්ව ඇති බවද ‘චයිනා ඩේලි’ පුවත් සේවය වැඩිදුරටත් කියා සිටී.

දූෂ්‍ය තත්ත්වයට පත් අයිස්ක්‍රීම් පෙට්ටි පරිභෝජනය කර තිබෙන්නේ කවර පාරිභෝගිකයන්ද යන්න සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර තිබෙන බව චීන සෞඛ්‍ය බලධාරීහු පවසති. කොරෝනා වෛරසයෙන් දූෂ්‍ය තත්ත්වයට පත් අයිස්ක්‍රීම් පෙට්ටි මිලදී ගත් පාරිභෝගිකයන් අවදානම් තත්ත්වයකට මුහුණ දී ඇති බවත් ඒ පිරිස හඳුනා ගැනීම බෙහෙවින්ම දුෂ්කර කර්තව්‍යයක් බවත් සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

ඇති වී තිබෙන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන එම අයිස්ක්‍රීම් සමාගමේ සේවකයන් 1662කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරී තීරණය කර ඇත.

එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ වෛරස අධ්‍යන විද්‍යාව පිළිබඳ විද්‍යාඥයකු වන ආචාර්ය ස්ටීවන් ග්‍රිෆින් සඳහන් කරන්නේ අයිස්ක්‍රීම් (අයිස්ක්‍රීම්වල මේදය අඩංගුය.) ශීතල තත්ත්ව යටතේ තබා තිබෙන නිසා වෛරස වලට නොනැසී පැවැතිය හැකි බවයි.

Related posts

ඉන්දුනීසියානු ගැඹුරු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

Admin

කොවිඩ් රෝහලක ප්‍රබල ගින්නක්

colombotoday

ඩාවින්චිගේ සිතුවම්වල ඇති රහස සොයා ගනී

Admin

ඉන්දියාවේ ගමකට අශූචි ගුලියක් ගුවනින් වැටෙයි.. වෙනත් ලොවකින් ආ වස්තුවක් කියා ගැමියෝ පුද පූජා පවත්වති

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!

colombotoday

අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි

colombotoday