Colombo Today Sports News

වෙරළ වොලිබෝල් පාඨමාලාවකට අයැදුම්පත් කැඳවයි

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ වෙරළ වොලිබෝල් උපදේශක පින්ලන්ත ජාතික ඔයිලන්ඩ් රම්ඩෝ මහතා විසින් මෙහෙයවනු ලබන වෙරළ වොලිබෝල් අදියර 6-1 පාඨමාලාව ආරම්භ කිරීමට සූදානම් වෙනවා.

ඒ සඳහා අයැදුම්පත් බාරගැනීම මේ මස 28 වෙනිදා දක්වා සිදු කෙරෙනවා.

දින පහක් පුරා පැවැත්වෙන පුහුණු පාඨමාලාව ලබන අප්‍රේල් 7 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙහිදී වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් ලෙස දැනට කටයුතු කරන අයැදුම්කරුවන් සිය ජීවදත්ත සඳහන් අයැදුම්පත් ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි.

සම්මුඛ පරීක්ෂණයකින් පසුව පාඨමාලාව සඳහා අයැදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතයි.

Related posts

කුසල්, ධනුෂ්ක, දික්වැල්ල ගේ තරග තහනම ඉවත් කෙරේ

colombotoday

විස්සයි20 කණ්ඩායමේ නායකත්වය මාලිංගට

colombotoday

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට…

Admin

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Admin

තහනම් උත්තේජක අරන්… කුසල් ජනිත්ට ක්‍රිකට් තහනම්

colombotoday