Colombo Today Local News

හමුදාවට අපහාස කළ මහඇමතිට කන්න බොන්න දීල නලවනව.. දැක්කම දුකයි, සිංහල ජාතියම පාවා දීල ඉවරයි

Ampitiye Sumanarathana Thero

නාවික හමුදාවට අපහාස කළ නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා කදවුරට ගෙන්වා හොදහැටි කෑම බීම වලින් සංග්‍රහකළ බව මාධ්‍යයෙන් දකිද්දී ඒ පිළිබදව දැඩි කණගාටුවක් ඇතිවුණු බව මඩකලපුව අම්පාර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසයි.

පසුගිය දිනක සාම්පූර්හිදී උසස් හමුදා නිලධාරියෙකුට නැගෙනහිර මහඇමති නසීර් අහමඩ් ප්‍රසිද්ධියේ බැනවැදීමේ සිද්ධියෙන් පසුව ඊයේ ඔහු ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරේ පැවති භෝජන සංග්‍රහයකට සහභාගීවීම සම්බන්ධයෙන් උන්වහන්සේ මෙසේ අදහස් පළකර ඇත.

“නාවික හමුදා නිලධාරියාට බැනපු මහ ඇමති කඳවුරෙන් හොඳට කෑව බිව්ව කියල මාධ්‍යවලින් දකිනකොට අපිට කනගාටුයි, දුකයි. සමස්ථ සිංහල ජාතිය පාවල දීල ඉවරයි. තවදුරටත් සිංහලයින්ගෙ බෙල්ල කපාගෙන ගියත් හැංගිලා ඉන්නයි සිද්ධවෙලා තියෙන්නෙ. අපි ඒ වෙනුවෙන් ගිහිල්ල ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණාම අපේම එවුන් කන්න දීල නලවනවනම් කරන්න දෙයක් නෑ“

දිවා ‍භෝජන සංග්‍රහයට සහභාගී වීමෙන් පසුව නසීර් අහමඩ් මහඇමතිවරයා මාධ්‍යට කියා සිටියේ නාවික හමුදාවේ ආරාධනයෙන් තමා ඊට සහභාගී වූ බවත් ඉතා රසවත් කෑම වේළක් තමන්ට ලබාදුන් බවත්ය. මෙම භෝජන සංග්‍රහයට එක්සත් ජාතික පක්ෂ සභාපති, ජාත්‍යන්තර වෙළද කටයුතු ඇමති මලික් සමරවික්‍රමද සහභාගී වී තිබිණි.

Related posts

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබෙයි

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් වලට පත්කර ඇති විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ පත්වීම නීති විරෝධීයි!

Admin

බටපොළ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

colombotoday

විමල්ට අසාධ්‍යයි.. ජාතික රෝහලට ඇතුලත් කෙරේ

colombotoday

දෙසැම්බර් 31ට පෙර හමුදාව භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි ජනපති නියෝග කරයි

colombotoday

පොලිස් නිලධාරියෙක් නිලධාරිනියන්ට හිරිහැර කිරීම ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

Admin