Colombo Today Local News

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද ඇරඹේ

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද ආරම්භ වේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද උදෑසන 10 ට ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට ද නියමිත ය.

මේ අතර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරන්නේ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට උපදෙස් ලැබී ඇති බවයි.

අද උදෑසන 09.15 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සිදුවීමට නියමිත ය.

අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පැමිණීම සිදුවනු ඇති.

සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම්වේද අනුගමනය කරමින් නව වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ කටයුතු සිදුකෙරෙන බව ද ධම්මික දසනායක මහතා අවධාරණය කරයි.

Related posts

ලිංගික අතවර කර 7 හැවරදී දරුවා ඝාතනය කරලා

colombotoday

10%ක් ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් දළ දේශීය නිෂ්පාදිතය 1.2%කින් වැඩිවෙනවා – හරීන්

colombotoday

පොල් තෙල් නිෂ්පාදනාගාරයක් ගිනි බත් වෙයි

colombotoday

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

“මම කෑ ගහනකොට ඔයාලත් කෑ ගහන්න” අගමැති රනිල් එජාප මන්ත්‍රීන් පෙළඹවූ හැටි මෙන්න (Video)

colombotoday

හරින්ට මනූෂට නිදහසට කරුණු කියන්න සජබ දින 7ක් කල් දෙයි

colombotoday