Colombo Today Local News

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2021 වසර සඳහා වන 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (18) මධ්‍යම රාත්‍රි 12න් පසු සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ, ඒ අනුව විභාගය අවසන් වන තෙක් අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම , පන්ති මෙහෙයවීම , විෂයානුබද්ධ දේශන , සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් බවයි.

කොවිඩ් – 19 වැළදුණු රෝගීන්ට අධ්‍යාපන කලාපයකට එක බැගින් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

05 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 පැවැත්වීමට නියමිතයි.

Related posts

ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක රිවෝල්වරයක්

Admin

සමාජ මාධ්‍ය පාලනය කරන්න අලුත් නීති ගේනවා – රංජිත් මද්දුම බණ්ඩාර

colombotoday

ජනපති ඉදිරියේදී දුක්බර මුහුණින් සජිත් කිවූ දේ

colombotoday

“ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරනවා.. බ්‍රිතාන්‍යයේ නීතියට අනුකූල නීතියක් ගෙනෙනවා” – අගමැති

colombotoday

බදූර්දීන්ට එරෙහිව රතන හිමි ගේන විශ්වාසභංගයට අපේ සහය නෑ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

“මේ මගුල හරියන්නෙ නෑ… අවසානය ළගයි“ – යහපාලන මහ ඇමති මහින්ද සමග කියයි

colombotoday