Colombo Today Local News

එන්නත් ලබාගත්තොත් කුකුළෙක් නොමිලේ

ඉන්දුනීසියාවේ එන්නත් ලබාගැනීමට පෙළඹවීම සඳහා එන්නත් ලබා ගන්නා අයට කුකුලෙකු ලබාදීමට එරට ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දුනීසියාවේ වැඩිහිටියන් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ව ඊට පෙළඹවීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වේ.

බටහිර ජාවා ප්‍රාන්තයේ සින්ජූර් ප්‍රදේශයේ අවුරුදු 45 ට වැඩි පුද්ගලයින් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වැඩසටහන දියත් කිරීමට පෙර පුද්ගලයින් 200 ක් අතුරින් 25 දෙනෙකු පමණක් එන්නත ලබාගැනීමට එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණි තිබේ.

නමුත් මේ වනවිට දිනකට පුද්ගලයින් 250 ක් පමණ කුකුළා ලබාගැනීමේ අපේක්ෂාවෙන් එන්නත්කරණය සඳහා පැමිණෙන බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

අන්තර්කාලීන නායකයෙකුට එජාපයෙන් විරෝධයක්.. නවීන්ගේ සහය වජිරට

colombotoday

හිටපු මුහුදු කොටි නායිකා බහිරතී නිදහස්‌

colombotoday

FCID නිලධාරීන්ට නාමල්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කරයි

Admin

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin

දස හැවිරිදි දරුවෙක් වැසිකිළියේදී සියදිවි නසා ගෙන

Admin