Covid 19

රාගම රෝහලේ දෙවැනි වෛද්‍යවරයාත් කෝවිඩ් මාරයා බිලි ගනී

රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු කොවිඩ් රෝගය වැලදී රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18)දින උදෑසන මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මිය යන විට 34 වැනි වියේ පසු වූ මෙම වෛද්‍යවරයා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

කොවිඩ් රෝගය වැලදී රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සති දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබින් සිටියදී මෙසේ මිය ගොස් ඇත.
මෙම වෛද්‍යවරයා තමරක ස්ථූල බවද සදහන් කළ එම ප්‍රකාශකයා කොවිඩ් වෛරසය ආසාදනය වී රාගම රෝහලේ මිය ගිය දෙවන වෛද්‍යවරයායි.

Related posts

බඩේ අමාරුවට නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගියා කොවිඩ් ආසාදනය වී මරුට

colombotoday

මහනුවර ජාතික රෝහලේ 08කට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10කට කොරෝනා

colombotoday

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1717 දක්වා ඉහලට

colombotoday