Covid 19

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7ක් ඇතුළු 24කට කොවිඩ්

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනෙක් ඇතුළු 24කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි.

ආසාදිතයින් අතර හෙද හෙදියන් 8 දෙනෙක් ,කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් මෙන්ම ලිපිකරුවන් තිදෙනෙක්ද වන බව වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කරයි.

එම ආසාදිත පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු මෙන්ම සුළු සේවකයෙක් ද වන බව වෛද්‍ය අධිකාරිවරයා පවසයි.

ආසාදිත සුළු සේවකයන් දෙදෙනෙක් පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස්වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 125ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 17ක්

colombotoday

ඇහැළියගොඩ ඇඟලුම් කම්හලක 43කට කොවිඩ් – 1200ක් නිවෙස්වල නිරෝධායනයට

colombotoday

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday

PCR සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15දෙනාම නෙගටිව්

colombotoday