Colombo Today Local News

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර අද දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කෙරෙන නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවන් මගින් අද(19)දින මෙරටට රැගෙන ඒමට නියමිතය.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් අදාළ පොහොර තොගය මෙරටට ගෙන්වා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසයි.

ආනයනය කරන නැනෝ නයිට්‍රිජන් පොහොර ලීටර් ලක්ෂය දැනට මහ කන්නය ආරම්භ කර ඇති ප්‍රදේශවල හඳුනාගත් ගොවීන් සඳහා බෙදා දීමට නියමිත බව ද ඔහු පවසයි.

බෙදාහැරීම් ක්‍රියාවලිය ලබන 21 හෝ 22 යන දිනයන් වනවිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා සඳහන් කරයි.

Related posts

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

සියලුම දෙනා අල්ලාගේ අණට කිකරුවිය යුතුය – දිනකට පස් වතාවක් රටපුරා පල්ලිවල කියන දේ

colombotoday

බැදුම්කර බෑණා NDB බැංකුවේ කොටස් සල්ලිවලට ගනී

colombotoday

IMF දෙවැනි වාරිකය ලැබීම ආයෝජකයන්ට ධනාත්මක පණිවිඩයක් – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

ෆිච් රේටින්ග්ස් මෙරට දිගුකාලින දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම පහත දමයි..

Admin

අගමැතිගේ කාන්තා දින පණිවිඩයක්

Admin